බොරතෙල් මිල අඩු කිරීමට ට්‍රම්ප් මැදිහත් වෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සෞදි අරාබිය සහ අනෙකුත් ඔපෙක් රටවලින් “තෙල් මිල අඩු කරන ලෙස” ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පවසා ඇත්තේ, එසේ නොකළ හොත් අමෙරිකාව එම රටවලට ඉහළ තීරුබදු භාවිතා කරන බවයි.


ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ විධායක නිලධාරීන් අමතමින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන් වේ.


ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මැතිවරණයට පෙර ඔපෙක් තෙල් මිල අඩු නොකිරීම ගැන තමා පුදුමයට පත් වූ බවයි .

ඉහළ බොරතෙල් මිල රුසියානු-යුක්‍රේන ගැටුම සඳහා අරමුදල් පවත්වා ගැනීමට උපකාරී වන බව පවසමින්, ඉහළ මට්ටමක පවතින බොරතෙල් මිල නිසා යුද්ධය දිගටම පවතිනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.


ඔහු අවධාරණය කර ඇත්තේ, එබැවින් තෙල් මිල අඩු කිරීම මගින්, යුද්ධය අවසන් කළ හැකි බවත්, එමගින් ඔපෙක් රටවලට යුද්ධය අවසන් කළ හැකි බවයි .

මේ අතර, ජනපති ට්‍රම්ප් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ කළ සංවාදයකින් පසුව මෙලෙස ප්‍රකාශ කිරීම විශේෂත්වයක් වේ.

සෞදි ඔටුන්න හිමි කුමරු, අමෙරිකානු ජනපතිට පවසා ඇත්තේ , එම සාකච්ඡාවේදී ඉදිරි වසර හතර තුළ අමෙරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 600 (පවුම් බිලියන 484) ක් ආයෝජනය කිරීමට සූදානම් බවයි.


ස්ථාවර තෙල් මිල සහතික කිරීම සඳහා එක්ව වැඩ කිරීමේ වගකීම ඇති තෙල් නිපදවන රටවල් 12 ක සාමජිකත්වය ඇති ඔපෙක් හි සෞදි අරාබිය ප්‍රමුඛ සාමාජිකයෙක් වන අතර, ජනපති ට්‍රම්ප්ගේ මෙම සුහද අදහස් හුවමාරුවෙන් පසුව බොරතෙල් මිල 1% කින් පහත වැටී තිබෙන බව වාර්තා වේ.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...