*
Monday, January 27, 2025
spot_img

Latest Posts

වැරදි පරණ වෙනකොට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය ගෙවෙනවද?

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 25 ,(LNW)කොළඹ :

වැරදි පරණ වෙනකොට දඬුවම් කිරීමේ අවශ්‍යතාවය ගෙවෙනවද?

මේ ඉහත ඇත්තේ දැන් වසර ගණනක සිට ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ රෙගුලාසි 8.1(c) මඟින් ශ්‍රී ලංකාවට ගැසූ දඩයකට තවමත් තවමත් ගෙවා ඉවර නොමැති දඩයක් සම්බන්ධයෙන් මේ වසරේ ලැබුණු ලිපියකි.මේ දඩය පැනවීමට හේතුව රෙගුලාසි 8.1(c) යටතේ වෙනත් රටක ක්‍රීඩකයෙකු රටක් වෙනුවෙන් යොදා ගැනිමේදී සපුරා තිබිය යුතු සුදුසුකම් සපුරා නැති තත්ත්වයේ විදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරවීමට කටයුතු කළ යුතුය.
මේ කාරණය සම්බන්ධයෙන් පසුගිය කාලයේ රගර් පරිපාලනය භාරව සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හොඳින් දැනුවත්ය.එහෙත් ඔහු කියන්නේ ඒවා තමන්ගේ කාලයට අයත් නොවන ඒවා බවය.මේ කාරණයම ආණ්ඩුවේ ප්‍රතිපත්තියම වේ නම් මැතිවරණ සමයේ වේදිකාවල පැවසූ කිසිඳු වරදක් ගැන පරීක්ෂණයක් නොකර අත පිස දා ගැනීමට ආණ්ඩුවට හැකිය.ඒවා තමන්ගේ කාලයට අදාළ නැති රටට සිඳු වූ හානිය.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අනුවනම් රටේ ක්‍රීඩාවට කළු පැල්ලමක් එකතු කළ,රටේ රගර් ක්‍රීඩාව සංවර්ධනයට බලපෑම් කළ එම දඩ ගෙවීම අදාළ නැත.
එහෙත් වරද කර දඩුවම රටේ රගර් සංවර්ධනයට ලබා දෙන මුදලින් අඩු කිරීමෙන් වන හානිය අදටත් වලංගුය.මේ සටහනට අදාළව ප්‍රදර්ශනය කර ඇති ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ ගෙවිය මුලු දඩය වූ පවුම් 50000 න් පවුම් 5000 ක් ගෙවීම සඳහා මේ වසරේ ජනවාරි පළමුවැනිදා නිකුත් කර ඇති ඇණවුම් පතය.
මේ දඩුවම් නොකිරීම නිසා එම වරද කළ පාලනයේ සභාපති සහ ලේකම් දෙදෙනාම සිටින්නේ දැන් ආසියානු පරිපාලනයට හේත්තු වී ය.අන්තිම මොහොතේ ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය විසුරුවා තිබියදී දෙවැන්නා එම පරිපාලනයේ වගකීමකට බඳවා ගන්නේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාය.ඔහු පවසන්නේ තමන් එසේ කළේ හරීන් ප්‍රනාන්දු සහ ජාත්‍යන්තර රගර් සම්මේලනයේ ඉල්ලීම පිට බවය.කී සැණින් සුවච කීකරුව එය ඉටු නොකර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ මොහොතේ අමාත්‍යවරයාට පැවසිය යුතුව තිබුණේ අමාත්‍යවරයා විසින් හරියට වගකීම් ඉටු නොකිරීම නිසා ඉවත් කළ සභාපතිටම නැවත බලය දීම නුසුදුසු බවය.එහෙත් එසේ නොකී අතර,එසේ නොකියා කළ පත් කිරීම නිසා ඔහුට ආසියාවේ වගකීමක් දිනා ගන්නට ඉඩ පෑදෙන්නේය.
ඉන් අනතුරුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණ තීරණය ද තේරුම් නොගත් ආකාරයට ආසියානු සහ ජාත්‍යන්තරය බලපෑම් කරන බව කියමින් පවතින රගර් ව්‍යවස්ථාවට පිටින් රගර් ව්‍යවස්ථාව සංශෝධනයට උත්සාහ කරන අතර තවමත් අධිකරණය පැවත්වීමට කී නිලවරණය අතර මැද නවතා උත්සාහ කරමින් සිටින්නේ පවතින ව්‍යවස්ථාවෙන් බලය ලබා ගැනීමට අපහසු පිරිසට නැවත බලයට ඒම සඳහා මාර්ගයක් සැකසෙන ව්‍යවස්ථාවක් සකස් කර දීමටය.
එහිදී නිරන්තරයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට ක්‍රීඩාව කරගෙන යාම සඳහා උපදෙස් දෙන නිලධාරි සහ ජාතික ක්‍රීඩා සභාවට පත් කර සිටින ප්‍රියන්ත ඒකනායක ද දන්නා පැහැදිළි කරුණක් ඇත.රටක රගර් ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවත්විය යුත්තේ මෙන්න මේ ආකාරයට යැයි දැණුම් දෙන්නට ජාත්‍යන්තර සම්මේලනයට හෝ ආසියානු රගර් වෙත හෝ රෙගුලාසි නැත.ඒ රෙගුලාසි බිඳ වැටීමක් සිඳුව ඇත්තේ මේ ලිපියට පදනම් කාරණාවලදී ය.ඒ අනුව දඩ ගෙවීම ද තවම සිඳු වෙමින් ඇත.ඒ අනුව රෙගුලාසි උල්ලංඝණය කර රටේ ක්‍රීඩාවට අහිතක් අකටයුත්තක් සිඳු වී ඇති බවත්,ඊට සම්බන්ධ අයට දඬුවම් කළ යුතු බවත්,එසේ වැරදි කිරීමට හේතු වූ කණ්ඩායම ජයග්‍රහණය කර කාගේ දේශපාලන බලපෑමකට කුමාරයෙක්ව පිනවීමට උත්සාහ කළේ ද යන්න එම සිඳුවීමට අදාළ කාලය ගැන පරික්ෂා කිරීමේදී පැහැදිළිව හඳුනා ගන්නට හැකි බවත් අමාත්‍යවරුන්ට සහ අලුතින් පත් වි පැමිණ සිටින ලේකම්වරයාට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ප්‍රියන්ත ඒකනායක විසින් පෙන්වා දිය යුතු නැද්ද?
එසේම ජාත්‍යන්තර සම්මේලනය සහ ආසියාව වෙත ඒ කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලට හානියක් වී ඇති නිලවරණ ක්‍රමයක් ඇත්නම් එම ක්‍රීඩා සමාජවලින් පැමිණි පුද්ගලයින් මේ වන විට රගර්වලට ඇති වී තිබෙන ප්‍රශ්න ඇති කළේ කොහොමද යන්න පැහැදිළි කර ගත යුතුය.ප්‍රියන්ත ඒකනායකනම් එම ක්‍රීඩා සමාජ හරහාම පැමිණි අයෙක් වුව,නිදහස් සහ ස්වාධීන පුද්ගලයෙක් වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඒ බව පක්ෂපාතීත්වයක් නැතුව තේරුම් ගැනීමට හැකි විය යුතුය.
සරලම කාරණය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝණය කළ අයට දඩුවම් දීම පසෙකලා,ජාත්‍යන්තරය රෙගුලාසි නැතුව පනවන බලපෑම්වලට යටත්ව වැඩ කරන්නට යාමය.ඒවා සියල්ල විසඳෙන්නේ කෙසේද යන්න ක්‍රීඩා අමාත්‍යතුමා මේ වන විටත් ප්‍රායෝගිකව අවබෝධ කරගෙන ජයග්‍රහණ ද ලබා ඇත.ඒ රටේ නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන නීතිය ක්‍රියාත්මක කර ඉවත් කළ විට හෝ වාරණ පැන වූ විට ජාත්‍යන්තර බළල් අතක් ලෙස ගෙන ලංකාවට බලපෑම් කරන්නට නොහැකි අතර,තමන්ගේ රටේ නීතිය හමුවේ දඬුවම් හෝ වාරණ ඇති අයට ජාත්‍යන්තර සංගම්වලින් වගකීම් පවරන්නේ නැත.
ව්‍යවස්ථාව වෙනස් කිරීම ගැන ව්‍යවස්ථානුකූලව නිලවරණය පවත්වා බලයට පත්වන පරිපාලනයට පැවරිය යුතුය.මේ දක්වා කියනාකාරයට ඒ කාණ්ඩායේ ක්‍රීඩා සමාජවලට අසාධාරණයක් වී ඇද්ද නැද්ද යන්න මේ දක්වා සිටි නිලධාරීන් නියෝජනය කළ ක්‍රීඩා සමාජ ගැන විමසා බැලුවහොත් පැහැදිළි කර ගැනීමට හැකිය.ඒ හරහා පැමිණි නිලධාරීන්ට එල්ල වෙන චෝදනා අතර රගර් දඩයකට යටත් කිරීම මෙන්ම රගර් ගිණුම හිස්කර ණය කන්දක් කිරීමද ඇත.අඩුම තරමේ එවැනි අයව තමන්ගේ ක්‍රීඩා සමාජ හරහා නිලවරණයට ගෙන ඒම හෝ නොකර සිටීමට සදාචාරයක් නැත.කැමති හැටියට පිණුම් ගසන්නට ඉහළ සමාජ සබඳතා සමඟ තමන්ට හැකි බව පෙන්වන අයට පාවඩ එලන උඩු වියන් බඳින අමාත්‍යවරයාට උපදෙස් දිය යුතු පිරිසගෙන් ක්‍රීඩාව පරිස්සම් කිරිමට අමාත්‍යවරයා බුද්ධිමත් විය යුතුය.
සියල්ලන්ගෙන්ම ඇසිය යුතුව ඇත්තේ එකම පැනයකි.ජාත්‍යන්තරයට ඒ රටක ක්‍රීඩාව සම්බන්ධ ප්‍රතිපත්ති සහ වෙනත් අනන්‍ය කාරණා නොසළකා හැර අනිවර්යෙන්ම නිලවරණ ඡන්ද ක්‍රමය මෙය විය යුතුය කියා යෝජනා කිරීමේ හැකියාව ඇත්තේ කුමන රෙගුලාසිය යටතේ ද? එසේ නැති රෙගුලාසියක් යටතේ වැඩ කිරීමට ආණ්ඩුව පොළඹවන නිලධාරි සහ උපදේශකයන් රෙගුලාසි යටතේ වැරදි කළ අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්ද? ආණ්ඩුව නොමඟ හරිමින් මේ කරන වැඩ අපට නම් බඳුන නැති බඳුනකින් නිරුවත වසා ගෙන මහා සභාවක් මැද දේශනයක් පවත්වන අයෙකුගේ ප්‍රතිරූපය පෙන් වුව ද,ආණ්ඩුවට මේ නිරුවත නොපෙනෙන්නේ ඇයි ද යන්න ගැටළුවකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan