චීනයේ මෙගා වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ හා බෙංගාලයේ ජිවිත අවදානමක දමන බවට චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය විසින් ටිබෙටයේ යාර්ලුං ත්සාංපෝ ගඟේ ඉදිකිරීමට තීරණය කර ඇති මෙගා වොට් 60,000 ධාරිතාවයක් ලබා ගැනීමට අපේක්ෂිත මෙගා වේල්ලෙ හේතුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ මිලියන සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් විය හැකි බවට අරුණාචල් ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය පේමා ඛන්ඩු ප්‍රකශ කර තිබේ.

ඒ අනුව, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, යාර්ලුන්ග් ත්සාංපෝ ගඟේ චීනය විසින් ලොව විශාලතම ජලවිදුලි වේල්ල ඉදිකිරීම අරුණාචල් ප්‍රදේශ්, ඇසෑම් සහ බංග්ලාදේශයේ පහළ ගංගාවල මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජල සුරක්ෂිතතාව, පරිසර විද්‍යාව සහ ජීවනෝපාය සඳහා සැලකිය යුතු අවදානමක් ඇති කරන බවයි.

මෙම ගංගාව, අරුණාචල් ප්‍රදේශ්හි සියැං ලෙස හඳුන්වනු ලබන අතර එය ඇසෑම් ප්‍රදේශයට ඇතුළු වී බංගලිදේශය හරහා බෙංගාල බොක්ක දක්වා ගලා යන අතර එහිදී එය බ්‍රහ්මපුත්‍ර ලෙස නම් කර ඇත.

එමෙන්ම සියැං හෝ බ්‍රහ්මපුත්‍ර ගංගාව ශීත ඍතුවේ දී සිඳී යාමෙන් සියැං තීරයේ සහ ඇසෑම් තැනිතලාවේ ජන ජීවිතය අඩාල වනු ඇති අතර මෝසම් කාලවලදී වේල්ලෙන් හදිසියේ ජලය මුදා හැරීම ප්‍රජාවන් අවතැන් කිරීම, භෝග විනාශ කිරීම සහ යටිතල පහසුකම් වලට හානි කිරීම වැනි දරුණු ගංවතුරක් ඇති විය හැකිය.

කෙසේ නමුත්, චීන වේල්ලෙන් සිදු විය හැකි හානිය පියවා ගැනීම සඳහා ඉන්දීය රජය මෙගාවොට් 12500ක් ලබා ගැනීම අපේක්ෂාවෙන් සියැං ඉහළ බහුකාර්ය ව්‍යාපෘතිය (SUMP) නමින් නව ව්‍යාපෘතියක් ඉදිකිරීමට යෝජනා කර ඇත. ඉන්දියාව සහ චීනය කඹ ඇදීමේ සටනක යෙදෙන අතර විශේෂඥයින් පවසන්නේ එහි නරකම බලපෑම බංග්ලාදේශයේ මිලියන සංඛ්‍යාත ජනතාවට දැනිය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...