රේගුවෙන් බිලියන 1531ක බදු අදායමක්.2025 ඉලක්කය බිලියන 2250ක්!

Date:

කොළඹ LNW:රේගුවට පසුගිය වසරේදී රුපියල් බිලියන 1531 ක බදු ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට හැකි වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

පසුගිය වසරේ රේගු බදු ආදායම් ඉලක්කය රු. බිලියන 1533 කව පැවති ඇති අතර ඉන් රු.බිලියන 1531.2ක් උපයා ගැනීමට හැකිව තිබෙන බවයි අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ.

එය 99.98%ක බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීමක් ලෙසද දැක්වෙයි.

මේ අතර 2025 වසරේ රේගුවේ බදු අදායම් ඉලක්කය රු.බිලියන 2250ක් වන අතර එය අභියෝගාත්මක ඉලක්කයක් වුවත් එය සපුරාගැනීම වෙනුවෙන් විවිධ වෙනස්කම් කරමින් කාර්යක්ෂමතාව වැඩිකරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවද අරුක්ගොඩ මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...