නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW
චැම්පියන් ලීග් ජාතික පාපන්දු සූරතාවය වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියේ පිට පිටම තරග තුනක්ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම විශේෂ සිඳුවීමක් විය.මොරගස්මුල්ල කණ්ඩායම සහ මාතර සිටි කණ්ඩායම අතර තරගය ඔවුන් මේ දක්වා ක්‍රීඩා කර ඇති අයුරු බලනවිට සම මට්ටමේ කණ්ඩායම් අතර තරගයක්ව තිබිණ.මේ තරග වාර්යේදී ඉහළ දක්ෂතා නොපෙන්වන කණ්ඩායම් යුගලයක් වන මෙම කණ්ඩායම් දෙක ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් කළ මුණ ගැසීම කිසිවෙකුට ජය – පරාජයක් හිමි නොවී නිමාවට පත් විය.ගෝල තත්ත්වය 1-1 ක් සේ සටහක්ව තිබිණ.

මාතර සිටි කණ්ඩායම පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණේ රැඳෙන්නට සමත් විය.ඒ 26 වන විනාඩියේදී මොහොමඩ් කාතීම් ලබා ගත් ගෝලය හේතුවෙන්ය.එහෙත් දෙවන අර්ධයේ 58 ව විනාඩියේදී ක්‍රියාත්මක වූ මොරගස්මුල්ලක කණ්ඩායමේ නිම්නක චිරත් ගෝලයක් රැස් කරමින් තරගයේ සම කළ ලකුණු තත්ත්වය අවසාන නාල හඬ ඇහෙන තුරුම වෙනස් නොවී පැමිණ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
නිව් ස්ටාර් සහ ජාවාලේන් යන කණ්ඩායම අතර යම් සම මට්ටමක් දකින්නට ලැබෙන අතර එම කණ්ඩායම් දෙක මුණ ගැසුණු විට ලැබුණු ප්‍රතිපලයෙන්ද කිසිවෙකුට කිසිවෙකු අභිබවා යාමට නොහැකිව ගෝල සංඛ්‍යාව 2-2 ක් ලෙස සටහන් වී තිබිණ.තරගයේ ලකුණු සටහන ක්‍රියාත්මකවීම අරඹඹින් ජාවාලේන් කණ්ඩායමේ ඔලුවාසෙවොන් ඔලවාලේ තරගයේ 40 වන විනාඩියේදී මෙන්ම 79 වන විනාඩියේදී ජාවාලේන් කණ්ඩායමට එරෙහිව ගෝල වාර්තා කරන්නට සමත් විය.

නිව් ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් ද ගෝල දෙකම වාර්තා කර ඇත්තේ විටාල් අවුජා ය.එම ගෝල දෙක තරගයේ 55 වන විනාඩියේදී සහ 71 වන විනාඩියේදී ලබා ගැනීමට ඔහු සමත් විය.

සෙරන්ඩිබ් කණ්ඩායම සහ ප්‍රබල සොන්ඩර්ස් කණ්ඩායම අතර තරගයේදී සෙරන්ඩිබ් කණ්ඩායම නොසිතූ ආකාරයේ බලපෑමක් ඇති කරමින් සෝන්ඩර්ස් කණ්ඩායම සමඟ වූ තරගය 3-3 ක් ලෙස නිමා කර ගන්නට සමත් විය.අපරාජිත මෙන්ම ප්‍රබල සෝන්ඩර්ස් ක්‍රීඩකයින්ට එරෙහිව තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු සටහන 2- 0 ක් ලෙස රෙන්ඩිබ් ක්‍රීඩකයින් නඩත්තු කරගෙන සිටියත්,දෙවන අර්ධයේදී සොන්ඩර්ස් කණ්ඩායම ගෝල තුනක් ලබා ගනිද්දී සෙරන්ඩිබ් කණ්ඩායම එක් ගෝලයක් ලබා ගෙන සමස්ත තරගයේ ප්‍රතිපලය සමව තැබුවේය.

සෙරන්ඩිබ් කණ්ඩායම වෙනුවෙන් ප්‍රිම්පොන්ග් යාව්,මොහොමඩ් රහුමාන් සහ විජයකුමාර් අභිෂාන් ගෝල ලබා ගැනීමට සමත් වූහ.සෝන්ඩර්ස් කන්ඩායම වෙනුවෙන් ක්ලවයිස් ෆ්‍රෑන්ක් සහ රොජර් පිලිප් පළමු ගෝල දෙක එකතු කළ අතර තරගයේ අවසාන මොහොතේ පරාජයේ මුවවිට සිටින විට සෝන්ඩර්ස් කණ්ඩායමට තීරණාත්මක ගෝලය ලබා දුන්නේ පැතුම් ගිම්හාන් ය.


