සටහන – රුවන් නෙළුගොල්ල
මහනුවර ශ්‍රී දළදා මාලිගාව පවත්වාගෙන යාමට වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
“2005 වසරේ දළදා මාළිගාවේ වාර්ෂික ආදායම ලක්ෂ 800ක්. ඉන් ලක්ෂ 350ක පොලී ආදායමක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ දළදා මාළිගාව පවත්වාගෙන යන්න රුපියල් කෝටි 150ක් ඕන. එනිසා දිනකට ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාව පවත්වාගෙන යාම අපහසුයි. එය මේ අවුරුද්ද වෙනකොට අභියෝගයක්. මොකද සේවක සුබ සාධනය, සේවකයෝ වගේම දළදා මාළිගාව තුළින් ඉටුකරන හා ඉටුකළ යුතු කාර්ය භාරයන් ඉටුකරන්න අපට වගකීමක් පැවරිලා තියෙනවා. ඒ දැවැන්ත වගකීමක් මාහට පැවරිලා තියෙනවා”
ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව පැවසුවේ පෙරේදා (23) පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.


