*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

2023 වසරේ මහමැතිවරණයක් ?

2023 වසරේදී මහමැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමක් පසුගියදා අරලියගහ මන්දිරයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ධුර කාලය 2022 ජනවාරි 10 වනදායි අවසන් වීමට නියමිතව තිබුණු අතර පළාත් පාලන පනතේ බලතල ප්‍රකාරව රජය විසින් එය 2023 මාර්තු 19 වනදා දක්වා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දීර්ඝ කරන ලදී. ඒ අනුව 2023 මාර්තු 19ට පෙර පළාත් පාලන මැතිවරණය කැඳවීමට සිදුවේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා තම පක්ෂයේ ප්‍රාදේශීය සභා, නගරසභා, මහ නගරසභා නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට පෙර මහමැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.


බැලූ බැල්මට කුමක් පෙනුනත් 2023 වසරේදී මහමැතිවරණයක් පැවැත්වීම යනු ආණ්ඩුවේ පාර්ශවයෙන් ගත් කල වඩාත් දියුණු දේශපාලන උපක්‍රමයක් බව ගැඹුරින් සලකා බැලීමේදී පෙනේ.

පළාත් පාලන මැතිවරණය යනු ගමේ ඡන්දයයි. එහිදී ඡන්දදායකයින් හැසිරෙන්නේ ජාතික මැතිවරණයකදී හැසිරෙන ආකාරයෙන් නොවේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේත් කොට්ඨාස ක්‍රමයට අනුවය. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ද එවකට ආණ්ඩු බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයකට මුහුණ පෑමට සිදුවිය.

ඒ අනුව රටේ පවතින තත්වයත් සලකා බැලීමේදී 2023 වසරේදී පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද සැලකියයුතු පසුබෑමකට ලක්වීමට සිදුවනු ඇත. එවන් පසුබෑමක් සිදුවුවහොත් ඊට වසරකට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එය දැවැන්ත අවාසි සහගත තත්වයක් නිර්මාණය කරනු නියතය.

එහෙත් පළාත් පාලන මැතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වුවහොත් එය ජාතික මට්ටමේ මැතිවරණයක් හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම් වාසිදායක තත්වයක් එහිදී පවතී. විශේෂයෙන්ම විපක්ෂය දැඩි ලෙස බෙදී සිටින තත්වයක් තුළ ඔවුන්ට ආණ්ඩුවට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඇති හැකියාව දැනටත් සීමිතය. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව යම් කලකිරීමක සිටියත් එය ආණ්ඩු පෙරළියක් දක්වා ගෙන යෑමට හැකි වාතාවරණයක් රට තුළ තවමත් නිර්මාණය වී නැත.

එහෙයින් 2024 දී එක්වරම ජනාධිපතිවරණයකින් රටේ ඡන්ද හැසිරීම උරගා බලනවාට වඩා මහමැතිවරණය ඊට කලින් පැවැත්වීම ආණ්ඩුවේ පැත්තෙන් උපක්‍රමශීලී පියවරකි. එමෙන්ම අපේ රටේ ඡන්ද දායකයින්ගේ හැසිරීම අනුව එය සාර්ථක වීමට ද ඇත්තේ ඉහළ සම්භාවිතාවකි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan