*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

ජඩ ලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය පාලනය කිරීම පිළිබඳ මහජන ආරක්ෂක ඇමැතිවරයාට ස්තූති කරනවා – ඇමැති බන්දුල

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 25 කොළඹ (LNW): සමාජ මාධ්‍ය ඉතා වැදගත් බවත්, නමුත් සමාජයේ කොටස් දෙකක් ලෙස සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ වශයෙන් ජීවත් වන අතාර සත්පුරුෂයෝ ඉතා හොඳින් මෙම සමාජ මාධ්‍ය භාවිතා කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවසීය.

ඔවුන් රටට සමාජයට යහපතක් කිරීම සඳහා ‌මෙම සමාජ මාධ්‍ය භාවිතා කරන බවත් ලෝකයේ දියුණු රටවලත් එලෙසම සිදුවන බව ඔහු කියා සිටියේය. ඉදිරි සත්‍ය නිසිලෙස ඉදිරිපත් කරන සමාජ මාධ්‍ය සංස්කෘතියක් සඳහා ඉඩ ලබා දිය යුතු අතර වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම් ඇති කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉඩ නොතැබිය යුතු බවත්, වෛරය ක්‍රෝධය, අපචාර ආදිය වෙනුවෙන් කටයුතු කරන, පෙළඹවීම් කරන කිසිම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට ඉඩ නොතැබිය යුතු බවත්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ජනමාධ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් දැක් වූ අදහස්,

ජඩ ලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය පාලනය කිරීම සහ නියාමනය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයාට ස්තුතිය පුද කරනවා.

සමාජ මාධ්‍ය ඉතා වැදගත්. නමුත් සමාජයේ කොටස් දෙකක් සිටිනවා. සත්පුරුෂයෝ සහ අසත්පුරුෂයෝ. සත්පුරුෂයෝ ඉතා හොඳින් මෙම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඔවුන් රටට සමාජයට යහපතක් කිරීම සඳහා ‌මෙම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ලෝකයේ දියුණු රටවලත් එහෙමයි. ඉදිරි සත්‍ය නිසිලෙස ඉදිරිපත් කරන සමාජ මාධ්‍ය සංස්කෘතියක් සඳහා ඉඩ ලබා දිය යුතු අතර වෛරය, ක්‍රෝධය සහ ආගමික ගැටීම් ඇති කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉඩ නොතැබිය යුතුයි. වෛරය ක්‍රෝධය, අපචාර ආදිය වෙනුවෙන් කටයුතු කරන, පෙළඹවීම් කරන කිසිම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට ඉඩ නොතැබිය යුතුයි. මගේ පුද්ගලික මතයත් එයයි. මේ රටේ විවිධ ආගම් තිබුණත් සෑම කෙනෙකුම අනෙක් අයට ගරු කරන පුරුද්දක් තිබුණා. ජඩ අයුරින් කටයුතු කරන මාධ්‍යවලට යම් නියාමනයක් අවශ්‍ය වෙනවා. මෙම පනත් කෙටුම්පත ගෙන ඒම වෙනුවෙන් දායක වූ ඇමැති ටිරාන් අලස් මහතා හා රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට අපගේ ගෞරවය පිරිනමනවා. මේ වෙනුවෙන් දායක වූ සියලු සත්පුරුෂයින්ට අපි කෘතවේදීත්වය පිරිනමනවා. මැලිබන් සමූහ ව්‍යාපාරය නිර්මාණය කරපු හින්නිඅප්පුහාමි මහතාට මේ රටේ ගෞරවයක් තිබුණා. ඒ වගේම සෝමසිරි ග්‍රයින්ඩින් මිල්ස් නිර්මාතෘට ගෞරවයක් තිබුණා. ජිනසේන වතුර පොම්ප ආරම්භ කරපු අයට ගෞරවයක් තිබුණා. කුමාර වෙල්ගම පවුලට ගෞරවයක් තිබුණා. කවර ක්ෂේත්‍රයක හිටියත් ගෞරවය ලැබිය යුතු, ගෞරවය පුදකළ යුතු පිරිසක් සමාජය තුළ සිටිනවා.

සෑම පුද්ගලයකුටම කවර ක්ෂේත්‍රයක සිටියත් ඒ සෑම කෙනෙකුටම ගෞරවයක් තිබුණා. නමුත් සමහර අන්තවාදී දේශපාලන පක්ෂ විරුද්ධ මත දරන අයව මරා දැමුවා. දේශපාලනඥයින් දූෂකයින් බව කියමින් ඔවුන්ගේ පවුල් පවා විනාශ කළා. සමාජමාධ්‍ය නිසා තමන්ට ජාතක වූ දියණියව පවා අමතක වූ අවස්ථා තිබුණා. පසුගිය වසරේ මැයි 09 වැනිදා නිරායුධ අහිංසක මහජන නියෝජිතයෙක්ව මරා දැමුවා. දේශපාලනඥයින්ගේ ගෙවල් බිඳ දැමුවා. ඒ සඳහා වෛරය වැපිරුවේ සමාජ මාධ්‍ය.මේ රටේ සමහර දේශපාලන ව්‍යාපාර විසින්ද යම් යම් දේවල් සිදුකළා. වෛරය වපුරවන අයුරින් කටයුතු කළා. මේ රටේ වැදගත් චරිත විශාල පිරිසක් ඝාතනය කළා. ඝාතනය කළ මිනිසුන් දණහිසින් ඉහළට ඔසවන්නෙ නැතිව වළදමන ලෙසට නියෝග කළා. ඒවගේ සංස්කෘතික අපගමනයක් සිදුවුණා. ඒ වගේම දේශපාලනඥයින් තුට්ටුවටම දාලා කටයුතු කළා. දේශපාලනය තුළ සිටින හැම කෙනෙක්ම හොරුන් ලෙස හංවඩු ගැහුවා. දූෂිතයින් ලෙස හංවඩු ගහනවා. ඒ වගේම පවුල්වල සියලු දෙනාම වංචාකරුවන්, දූෂිතයන් ලෙස හංවඩු ගැහුවා. මුදල් ඉපයීම අරමුණු කරගෙන කටයුතු කළා. තමන්ගේ දියණියගේ නිරුවත් ඡායාරූපය සමාජ මාධ්‍යයට මුදා හැරීමට උත්සාහ කළ නරුම පියා නිසා සිය සැමියා ඝාතනය කළා එක් මවක් විසින්. තමන්ගේ ලෙයින් වදාපු දරුවො අමතක කරනවා මේ සමාජ මාධ්‍ය නිසා. මැයි නවවැනිදා තමයි මේ රටේ අමිහිරිම දිනය. ලෝක ඉතිහාසය තුළ නිරායුද අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා ම්ලේච්ඡ ලෙස. ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කළා. මහජන නියෝජිතයින් 800 දෙනෙකුගේ නිවාස දේපළ විනාශ කරන තැනට පත් කළේ මේ රටේ සමාජ මාධ්‍ය විසින්. කුමාර වෙල්ගම මහතා ජීවත් වෙන්නේ, තමන්ගේ පාරම්පරික දේපොළවලින්. මහජනතාව සමඟ ජීවත්වෙන මිනිසෙක්. පුද්ගලික දේපොළ පවා වියදම් කරමින් දේශපාලනය කරපු කෙනෙක් වෙල්ගම මහතා.

මම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සිටින සමයේදී විද්‍යා පීඨවලට ගොස් විද්‍යාපීඨ දරුවන් ගත කරන ජීවිතය ගැන සොයා බැලුවා. ඔවුනට මාසයකටම ජීවන වියදම ලෙස ලැබුණේ රුපියල් 2500ක් පමණයි. තරුණ දරුවන්ට මාසයකටම රුපියල් 2500ක් ලැබුණ නිසා මම කිව්වා මිනිහෙකුට නොමැරි ඉන්න තමයි මෙම මුදල ප්‍රමාණවත් වෙන්නේ කියලා. ඒ නිසා එම රු 2500 රුපියල් 3000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. නමුත් රුපියල් 2500කින් පවුලකට කන්න පුළුවන් කියලා විවාදයකුත් ඇති වුණා. මම ඔප්පු කළා එවැනි දේ විශ්වවිද්‍යාලවල සිදු වන බව. අද වෙනතුරු සමාජ මාධ්‍යවලින් ඒ ගැන කියමින් මට චෝදනා කරනවා. කිසිම දවසක මම නිල නිවසක ජීවත්වී නැහැ. අපි පිරිසිදු ලෙස දේශපාලනය කරනවා. මේ රට වෙනුවෙන් සිදු කළ හැකි උපරිම සේවාව අපි ඉටු කරනවා. සමාජ සද්කාරක අරමුදලට වැටුප යොදවනවා. විදුලි බිල අරන් නැහැ. මම මගේ පුද්ගලික මුදලින් ප්‍රඥා බන්දු අරමුදල ඇතිකළා. දරුවන්ට ඒ තුළින් ශිෂ්‍යත්ව ලබාදී තිබෙනවා. වාහන විශාල සංඛ්‍යාවක් පාවිච්චි කර නැහැ. මගේ දහඩිය මහන්සියෙන් හදාගත්ත ගේත් ගිනි තිබ්බා. එදා අපිව මරනවා. මේ වෛරය ඇති කළේ දේශපාලන පක්ෂයක් විසින්. ඒ අයට බැරිවෙලාවත් ආණ්ඩු බලයක් ලැබුණොත් පොල්පොට් ක්‍රමයක් තමයි මේ රටේ අරන් යන්නේ. එක්කෙනෙක් ඉතිරි කරන්නේ නැතිව මරලා අවසන් කරනවා. නමුත් කිසිම දවසක මේ වගේ අය ඉතිහාසයේ වීරයෝ බවට පත්ව නැහැ. උදාහරණයක් වශයෙන් අනගාරික ධර්මපාලතුමා තම පෞද්ගලික ධනය තම රට හා ජාතිය වෙනුවෙන් වියදම් කළා. එතුමාට එදා මාධ්‍ය විසින් පහර ගැහුවා. හොරා කිව්වා. එතුමාට කලකිරිලා ඉන්දියාට ගිහින් සේවය කළා. මනුස්සකම අගය කරන්න බැරි මිනිසුන් කොටසක් සිටිනවා.

මිනිසුන්ගේ වටිනාකම නොදැන සමාජ මාධ්‍ය භාවිතා කිරීම සිදු කරන්නේ නරුමයෝ පමණයි.එවැනි නරුම සමාජයක් ඇති කිරීම වැළැක්වීම මිසක් සමාජ මාධ්‍ය පාලනයක් මෙම පනත හරහා සිදු වන්නේනැහැ.

ජපානය වැනි රටවල කිසිදු සමාජ මාධ්‍ය භාවිතා කරන් නැහැ. දරුවන් හදන්නේ කුඩා කල සිට සමාජ මාධ්‍ය වලින් තොරව. ජපානය තරම් හික්මුණු, ශීලාචාර සහ සන්තෝෂයෙන් සිටින මිනිසුන් ඉන්න රටක් මම දැකලා නැහැ. මේ ර‌ටේ කුඩා කල සිට මිනිසුන්ව වෛරයෙන් මුසපත් කරවනවා. සියලු මිනිසුන්ට බයෙන් සැකයෙන් ජීවත් වීමට, තමන් කැමති මතයක් දැරීමට හැකි යුගයක් ඇති කිරීමට මෙවැනි පනත් ගේනවා. මන්ත්‍රීවරුන් 225ටම අපහාස කරනවා. ලෝ මේකර්ස්ල, ටී මේකර්ස්ල බවට පත් කරමින්, සමාජය තුළ වඩා පහත් කරමින් සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ වැඩ පිළිවෙළ වැළැක්විය හැකි වැඩ පිළිවෙළ මෙම පනත මඟින් ක්‍රියාත්මක කරනවා” ලෙස පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan