අපි මේ බලය ගත්තෙ අතාරින්න නෙවෙයි. දෙන්නෙ නෑ පුතේ මේක ආයෙ – නි. ඇමති මේජර් ජනරාල් අරුණ

Date:

තමන් මේ රටේ බලය ගත්තේ ආපසු දීමට නොවන බවත් බලය ලබාගැනීමට දැරූ වෙර මෙන් දහ ගුණයක් වෙර දරා හෝ දිගටම බලය පවත්වාගෙන යන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පවසයි.

“පණිවිඩයක් ආවා මොකක්ද, යෝෂිත රාජපක්ෂ අධිවේගී මාර්ගයේදී අත් අඩංගුවට. හරිනෙ ? ඕක ඊයෙ රෑ අපි ඇතුළෙ කතාවුණා. කතාවුණා කියන්නෙ මටත් මේ විස්තරයක් කිව්වා, අපි එතකල් එළියට දැම්මෙ නෑ. එතකොට දැන් ඉතින් කියයි “අපෝ එයා මදිනෙ, එයා අරගෙන තව එක්කෙනෙක් ගන්න ඕනෙ” කියලා. මේ ලේසියෙන් බෑ මේ නීත්‍යානුකූලව, නීති පද්ධතිය, පොලීසිය, පරීක්ෂණ කටයුතු ඒවා හරියට කරලා තමයි කටයුතු කරන්නෙ. නිකම් ඔබටයි මටයි ඕනෙ විදියට අර මර්වින් සිල්වා වෙන්න බෑනෙ අපි ඔක්කොටම.

ඔවුන් බයවෙලා ඉන්නෙ. අපි දැන් ඉදිරියට යායුත්තෙ. අතාරින්න එපා. මේක අපි ගත්තෙ දෙන්න නෙවෙයි. ඇයි කියයි, “ආපෝ නෑ, ඔය ආවානෙ ත්‍රීවීලර්වල කෑලි ගලවලා, බස් ගලවලා, කෝ නෑනෙ හොරු අල්ලනවා, පොල් නෑ, හාල් ගණන්”. එහෙම තමයි. රටට වින්නැහි කරපු ඔක්කොම යවලා ගත්තෙ මේ බලය ආයෙ දෙන්නද ? ලේසියෙන් දෙන්න ? අපි එකතු කරලා ? හොඳයි අපට බැරිවුණා කියමුකො මේක කරන්න පළවෙනි මාස හයේ ? ඒත් අපි දෙන්නද ? දෙන්නෙ නෑ පුතේ මේක ආයෙ. මේක දෙන්නෙ නැහැ. මේක හදලාම තමයි යන්නෙ. බලය ගන්න අපි දරපු වෙර මෙන් දහ පහළොස් ගුණයක් වෙර දරන්න වෙනවා අපේ රජය පවත්වාගන්න. තියාගන්න. මේක අතාරින්න බැහැ”

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 25) හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...