“අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න” – ජනපති හෝමගමදී කියයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ (LNW):

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව පවසයි. එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල බවද කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03ම මිලදී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා. අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා. මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06යි. ඉවට කියන්න සිදුවෙලා තියෙනවා. රටක් තවදුරටත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරටත් ගමන්කරන්නේ ඉවට නෙමයි දත්තවලට හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් දෙන්න.” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...