බෙලරුසියාවේ 30 වසරක පාලනය දීර්ඝ කිරීමේ අපේක්ෂාවෙන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ මැතිවරණයට ඉදිරිපත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ 30වසරක පාලනය දීර්ඝ කිරීමේ අපේක්ෂාවෙන් හත්වන ධුර කාලයක් සඳහා අද(26) පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය වසර 30 තුළ යුරෝපයේ අවසාන ඒකාධිපතියා වශයෙන් හැඳින්වෙන ලුකාෂෙන්කෝ මේ වන විට 70 වන වියේ පසු වේ.

2020 අවසන් මැතිවරණයෙන් පසු ලුකා ෂෙන්කෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ ඔහුට එරෙහිව මහජන කෝපය පුපුරා ගිය අතර විපක්ෂය සහ බටහිරයන් කියා සිටියේ ඔහුගේ ජයග්‍රහණය වංචනික බවයි. කෙසේ නමුත් ඔහු, විරෝධතාකරුවන් 3070ක් අත්අඩංගුවට ගෙන විරුද්ධ හඩවල් තලා දමා යකඩ හස්තයකින් රට පාලනය කළේය.

බෙලරුස් සරල බහුතර ක්‍රමයක් මත ක්‍රියාත්මක වන අතර පුරවැසියන් සෑම වසර පහකට වරක් රාජ්‍ය නායකයා සහ ව්‍යවස්ථාදායකය සඳහා ඡන්දය ප්‍රකාශ කරයි. වයස අවුරුදු 18 සහ ඊට වැඩි බෙලරුසියානුවන්ට සහභාගී විය හැකි අතර ප්‍රතිඵල පෙබරවාරි 5 වන විට අපේක්ෂා කෙරේ, අවශ්‍ය නම් දෙවන වටය පෙබරවාරි 12 වන දින සිදු කෙරේ.

මෙවර ලුකාෂෙන්කෝ සමඟ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සභාපති ඔලෙග් ගයිඩුකෙවිච්, කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම් සර්ජි සිරන්කොව්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන ඇනා කනපට්ස්කායා හා රිපබ්ලිකන් කම්කරු පක්ෂයේ සභාපති ඇලෙක්සැන්ඩර් කිෂ්නියාක් ද තරඟ කරනු ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...