Eagle’s View Point දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත වේ!

0
839
Eagle flies at high altitude with e-eagle flies at high altitude with its wings spread out on a sunny day in the mountains.ebreitten wings on a sunny day in the mountains.

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ (LNW):

අද (26) දින නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ බව පැවසේ.ඒ, ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිතහේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම නැරඹුම් ස්ථානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර තිබෙන අතර, ඒ සදහා මුල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබූ බව සඳහන් වේ.

අද දින විවෘත කරනු ලැබු ‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (Eagle’s View Point)’ සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව කිකිළියාමාන්න කදුපංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතී.