එස්එස්සී ඉහළට

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW:

ඉකුත් වසරේ දක්වන ලද දුර්වලතා නිසා පළමු පෙළින් පසුපසට වැටුණ එස්එස්සී කණ්ඩායම සිය ක්‍රීඩාංගණය ජාත්‍යන්තර දිවා රාත්‍රී තරග සඳහා සුදුසු පිටියක් ලෙස සැකසෙන ඓතිහාසික මොහොත වන විට සිටින්නේ දෙවන පෙළ කණ්ඩායමක් හැටියටය.පහසුකම් සෙසු කණ්ඩායම්වලට සාපේක්ෂව ගත් විට වැඩිපුරම ලැබෙන කණ්ඩායමක් වන එස්එස්සී කණ්ඩායම මෙවර බී කාණ්ඩයේ තෙදින තරගවලදී පෙර වැරදි මඟ හරවා ගනිමින් එම කාණ්ඩයේ අපරාජිතව පෙරමුණ ගැනීමට සමත්ව ඇත.


තරග අටකට සහභාගි වී තරග 7 ක පූර්ණ ජය සමඟ එක් තරගයක පළමු ඉණිමේ ජයක් ද සමඟ ඉදිරියෙන් සිටින එස්එස්සි ක්‍රීඩා සමාජයට පිටුපසින් සිටින්නේ මීගමුව ක්‍රීඩා සමාජ කණ්ඩායමය.එසේම කැපී පෙණෙන දස්කම් පෙන් වූ ඒ කාණ්ඩයේ ක්‍රීඩා කළ කණ්ඩායම් වන රාගම ක්‍රීඩා සමාජය,සෙබස්තිනයිට් ක්‍රීඩා සමාජය,යුද හමුදා ක්‍රීඩා සමාජය වැනි කණ්ඩායම් බී ටියර් හී ක්‍රීඩා කරනු දකින්නට ලැබෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් මේ වන විට පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අක්කර 10 ට වැඩි ඉඩම් සොයමින් පළමු පෙළ ක්‍රීඩාංගන තැනීමේ අදහසක සිටින අතර ඒ සමඟ පිට පළාත් කණඩායම්වලට ශක්තිමත්ව පළමු පෙළට පැමිණීමට හැකි ලෙස ව්‍යවස්ථාමය වෙනසක් ද සිඳු කළ හැකිනම් ක්‍රිකට් ගමට පමණක් නොව ගමෙන් ක්‍රිකට් පෙරටද පැමිණෙන ශක්තිමත් ව්‍යහුයකට පදනම දැමිය හැකි වනු ඇත.
මේ සමඟ ඇත්තේ බී ටියර් තෙදින තරගාවලියේ කණ්ඩායම් දක්ෂතා අනුව පෙළ ගැසී සිටින අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...