දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/26

Date:

01. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් සතිපතා ගෙවීමේ ක්‍රමවේදයක් ස්ථාපති කරන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක පා.ම. උදය ගම්මන්පිළ යෝජනා කරයි – එමඟින් පවතින ආර්ථික අර්බුදය හමුවේ මුදල් අර්බුදයකින් පසුවන රජයට වැඩකටයුතු කලමනාකරණය කර ගැනීමට උපකාරී වනු ඇති බව පවසයි.

02. පොලී අනුපාත ඉහළ නැංවීම මඟින් ආර්ථිකය හැකිලීම වැළැක්වීමට මහ බැංකුව කටයුතු කළ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – මෙම ප්‍රකාශය සමඟ විශ්ලේෂකයන් එකඟ නොවන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ පොලී අනුපාත පහළ දැමූ විට ආර්ථික වර්ධනය ඉහළ යෑම සහ ඉහළ දැමූ විට පහළ යෑම විශ්වීය වශයෙන් පිළිගත් න්‍යායක් බවයි.

03. තමා ධුරයේ වැඩ භාරගැනීමට පෙර වසර දෙකක් පුරාවට විශාල වශයෙන් මුදල් මුද්‍රණය කර පොලී අනුපාත පහළ තත්ත්වයේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – කෙසේවෙතත්, මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ 2022 දෙසැම්බර් 31 දක්වා වූ නන්දලාල් ගේ පළමු දින 269 ක ධුරකාලය තුළ මුද්‍රණය කර ඇති සමස්ත මුදල් ප්‍රමාණය රු. බිලියන 868 ක් බවත්, එය දිනකට සාමාන්‍යයෙන් රු. බිලියන 3.2 ක අගයක් බවත්, මෙම අනුපාතය ඔහුට පෙර මහ බැංකු අධිපතිධුරය හෙබවූ පුද්ගලයන් දෙදෙනාගේ ධුරකාලවල මුදල් මුද්‍රණය මෙන් සියයට 45 ක ඉහළ යාමක් බවත් ය.

04. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් ට එරෙහිව තිනියාවෙල පාලිත හිමි විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ පෞද්ගලික නඩුව උන්වහන්සේ විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වේ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නඩුව නිශ්ප්‍රභා කරයි.

05. චීනයේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවට වසර 02 ක ණය සහන කාලයක් ලබා දෙයි – ඉන්දියාව ද මීට පෙර ශ්‍රී ලංකාවට ලබා දෙන ණය “කල්පිරෙන කාලය දීර්ඝ කිරීමක්” සඳහා එකඟ වී තිබිණි – ඉහත ණය සහන කාලය තුළ ලබා දුන් ණයවල කප්පාදුවක් (haircut) සඳහා ඇති එකඟතාවයක් පිළිබඳ සඳහනක් නැත – ශ්‍රී ලංකාවේ ද්වීපාර්ශ්වික සහ පෞද්ගලික ණයහිමියන් විසින් තිරසාර ණය කප්පාදුවක් ලබා දීමකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති ණය තිරසාරභාවය නැමති අවශ්‍යතාවය සපිරෙන්නේ නැති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

06. ජංගම දුරකතනයට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් මේ වන විට සැකසෙමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

07. සන්නද්ධ පිරිසක් විසින් ගම්පොල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියාට ගිනි අවි පෙන්වා තර්ජනය කර ATM යන්ත්‍රයෙන් මුදල් කොල්ලකෑමක් සිදුකර තිබේ.

08. අලුතින් පත්කරන ලද ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස්වෙයි – අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සහභාගී වෙති.

09. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික පී.එස්.එම්. චාර්ල්ස් තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දෙයි – පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඇතුළු කරුණ කිහිපයක් සම්බන්ධයෙන්ම කොමිසමේ අභ්‍යන්තර බෙදීම් සිදුව ඇති බවට වාර්තා පළවෙයි.

10. පිළිකා ඖෂධ 43 ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ 140ක් මෙරට සෞඛ්‍ය පද්ධතියේ හිඟ බවට සෞඛ්‍ය අමාත්‍යංශය පිළි ගනී – හිඟ ඖෂධ සඳහා මිලදී ගැනීමේ ඇණවුම් ලබාදී ඇති බව සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...