චාල්ස්ගේ ඉවත්වීම කොමිසමේ ක්‍රියාකාරිත්වයට බාධාවක් නැහැ – මහින්ද දේශප්‍රිය

Date:

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස් වූ පමණින් කොමිසම අඩපණ නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසයි.

එම කොමිසමේ සාමාජිකාවක වන පී.එම්.එස්. චාල්ස්මහත්මිය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවට සැලවීමෙන් එය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වනු ඇති බවට පළව තිබෙන මතයන්ට ප්‍රතිචාර දක්වමිනුයි දේශප්‍රිය මහතා සිට මුහුණු පොතේ නීතිමය තත්ත්වය ගැන සටහනක් තබා ඇත්තේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව උක්ත කාරණය පැහැදිලි කර දී තිබේ.

104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.

(2) (අ) කොමිෂන් සභාවෙි සභාපතිවරයා කොමිෂන් සභාවෙි රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය .

(ආ) කොමිෂන් සභාවේ තීරණ ,ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය .

(3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද, ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම , කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය.නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය.

ඒ අනුව පැවැත්වීමට මාර්තු 09 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට එය බාධාවක් නොවන බව තහවුරු කර ඇත.

කෙසේවෙතත් ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවස්ථා තුනක් ඇති බවද දේශප්‍රිය මහතා පෙන්වාදෙයි.

ඒ අනුව අධිකරණය හරහා සිදුවන වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...