*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවයි අලියයි පරාදයයි. ඒ ගැන තර්කයක් නෑ: ඩිලාන් (VIDEO)

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමේ උත්සාහයක සිටින බවත්, මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය පරාජ වී අවසාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, නිදහස ජනතා සභාව විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“ආණ්ඩුව උත්සාහ කලේ දිගින් දිගටම මැතිවරණය කල් දාන්නයි. දැනුත් මැතිවරණ කොමිෂන් සභාවේ අයට ඉල්ලා අස්වෙන්න ඉඩ හැරලා මැතිවරණය කල් දමා ගන්න උත්සාහ කරනවා. මේක තමා මේ කරන්න හදන්නේ.

පොහොට්ටුවයි අලියයි පරාදයයි. ඒ ගැන තර්කයක් නෑ.එහෙනම් කවුද දිනන්නේ කියලා සිතෙනවා. තිබෙන තත්වය අනුව සභාව හදන්න ගියාම ගැටලු එන්න පුලුවන්. ඒකේදී අපි වඩාත් සාදනීය ව කටයුතු කරනවා.

දැන් අලුත්ම සෙල්ලම තමයි පොහොට්ටුවේ අය ඉල්ලන්නේ ස්වාධීනව.
මිනිස්සුන්ට කියන්නේ නෑ ඒක. කරන්නේ වංචාව ජනතාව තේරුන්ගන්න ඕනේ.
අපි කවදාවත් සභාව හදනකොට පොහොට්ටුවට හා අලියට සහය දෙන්නේ නෑ.නිදහස ජනතා පෙරමුණ ලෙස අපි වංචනිකයන් එක්ක එකතු වෙන්නේ නෑ.

13 වෙනි සංශෝධන මාතෘකාව යලි කරලියට ඇවිත් තිබෙනවා.
13 කියන්නේ වර්තමාන ව්‍යවස්ථාවේ අංගයක්. පැහැදිලිවම රනිල් වික්‍රමසිංහට ජන වරමක් නෑ. නමුත් 13 සම්මත කරන්න 225 ට ජන වරමක් නෑ කියන්න බෑ.
එය එසේ කරන්නේ නැත්නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

13 සම්මත කිරීමට කාටවත් විරුද්ධ වෙන්න බෑ.
13 සම්මත කිරීමට 225 ටම යුතුකමක් තිබෙනවා.
කවුරු විරුද්ධ උනත් මම 13 ට එකගයි.

ඊයේ රාත්‍රී මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙලා.
තව කෙනෙක් හෝ දෙන්නෙක් ඉල්ලා අස්වේවි කියලා මම හිතනවා.

එතකොට කොමිසමක් නෑ.කොමිසමේ සාමාජිකයන්ට ඉල්ලා අස්වෙන්න කියලා බලපෑම් කරමින් චන්දය කල් දාගන්න ආණ්ඩුව උත්සාහ කරනවා නම් ආණ්ඩුව මේ කරන්නේ අධිකරණයට අපහාස කිරීමක්.
මේ වෙලාවේ කවුරුහරි ඉල්ලා අස්වෙනවා නම් ඒක ජරා තුච්ච වැඩක්.

විදුලිබල ඇමති පම්පෝරි ගහනවා. උසස් පෙල තිබෙන වෙලාවේ විදුලිය කපනවා කියන්නේ අපරාධයක්.

විදුලිබල ඇමති උද්ධච්ච නොවිය යුතුයි.
කංචන විජේසේකර තවත් බැසිල් රාජපක්ෂ කෙනෙක් වෙන්න තමා මේ හදන්නේ.

උද්ධච්චකම කියන්නේ ආන්ඩුවක් වට්ටපු රටක් හාන්සි කලා පසුගිය කාලේ.

බදු ක්‍රමය නිසා නිසි වැටුපක් ජනතාවට ලැබෙන්නේ නෑ.මේ කරන්නේ වෘත්තිකයන් නිද්‍රාශීලී කිරීමක්.ඒ අය රට හැර යනවා. වෘත්තිකයෝ රට හැර යද්දී සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කඩා වැටිලා.

මේ ආණ්ඩුවට හිතක් පපුවක් නෑ වගේම මොලයක් නෑ. මාර්තු 9 කියන්නේ රනිල් ප්‍රමුඛ හොර රැල පන්නන දිනයයි.

අද තියන සර්ව පාක්ෂික සමුලුවට අපිටත් ආරාධනා කලා. නමුත් අපි යන්නේ නෑ.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan