පවිත්‍රා වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යධූරයේ වැඩ අරඹයි

Date:

නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යධූරයේ වැඩ අරඹයි.

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (25) උදෑසන යෙදුන සුබ මොහොතින් සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදි.

වැඩබාර ගැනීමෙන් පසු පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශය පිළිබද මුලික හැදින්වීමේ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යතුමිය නිලධාරින්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා මෙන්ම මිනිසුන් මුහුණ දෙන ගැටළුවලටත් විසදුම් ලබාදිය යුතු බවයි. මෙරටට විශාල ලෙස ආදායම් ලබාගත හැකි අමාත්‍යාංශයක් ලෙස වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පෙන්වා දිය හැකි බව ද පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “වනජීවි හා වන සංරක්ෂණ  අමාත්‍යාංශය රටක් විදිහට ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක්. මෙහිදී මෑත කාලයේ රටේ ජනතාව මුහුණ දෙන ගැටළුවක්ව පවතින අලි මිනිස් ගැටුමට විසදුම් සෙවිය යුත්තේ කුමන ආකාරයට ද යන කරුණ සම්බන්ධව අද අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවේ දී මතු වූ විශේෂ කරුණක් ලෙස පෙන්වා දිය හැකියි. මෙහිදී නිලධාරින්ට මම තදින්ම අවධාරණය කලේ සතුන්ගේ අයිතිවාසිකම් අපි ආරක්ෂා කල යුතු වනවා මෙන්ම මිනිස්සුන්ගේ ගැටලු වලටත් අපි අනිවාර්යයෙන්ම විසදුම් ලබා දිය යුතුයි යන්නයි.”

“මේ අමාත්‍යංශය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආදායම් ලබා දිය හැකි. ආදායම් ලබා ගත හැකි අමාත්‍යාංශයක් බවට පත් කරමින් විදේශ මුදල් රටට ගෙන්වීමට හැකියාවක් තියෙන අමාත්‍යංශයක් විදිහට පෙන්වා දීමට පුළුවන්. විශේෂයෙන් සංචාරක කර්මාන්තයට විශාල පිටුවහලක් මේ අමාත්‍යංශය හරහා අපිට ලබා දෙන්නට පුළුවන්. නාගරික මණ්ඩලයක් ඇති කරමින්, වන ගහණය ලංකාවේ ආරක්ෂා කරගනිමින් ඉදිරියේ දී මතු පරම්පරාවට තවත් වන සංවර්ධන ව්‍යාපෘති ඇති කරලා මේ රටේ අනාගතය ආරක්ෂා කිරීම මේ අමාත්‍යංශයේ වගකීම් සහ ප්‍රධාන අරමුණක් වෙනවා.”

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සි.එම් හේරත් මහත්මිය ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරන් මෙන්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...