සපුගස්කන්ද යළි පණගැන්වීම 30 දක්වා පස්සට!

0
232

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම ජනවාරි 30 වැනිදා දක්වා කල් යන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙම පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) සිට ආරම්භ කිරීමට තීරණය කර තිබුණද එය 30 වැනිදා දක්වා තවදුරටත් ප්‍රමාද වන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම ප්‍රමාදයට හේතු වී තිබෙන්නේ බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම බව සඳහන්.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණ නමුත් එම නෞකාව කොළඹ වරායට ළඟා වීමට නියමිතව ඇත්තේ අද (26) දිනයේ බවයි දැක්වෙන්නේ.

ඩොලර් ප්‍රශ්නය නිසා බොරතෙල් ගෙන්වීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වී තිබුණද මේ වන විට එම අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙන බවද අමාත්‍යාංශය දක්වසිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here