මහ කන්නයට වඩා යල කන්නය සරු කිරීමට සූදානම්

Date:

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නිවැරදි මගකට ගෙන යාම සඳහා බත බුලතින් සරු වන හෙට දවසකට අවශ්‍ය පසුබිම සකසාලීම සඳහා ජනාධිපතිතුමා නිරන්තර උත්සහ දරයි.ඒ අනුව, පසුගිය 21 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණයකට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්විය.

රාජ්‍ය නායකයෙකු මෙම දෙපාර්තමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේසියලු කෘෂිකාර්මික ඉඩම් වල තිරසාර සංවර්ධනය දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වන්නේ කෘෂිකාර්මික ඉඩම් තුළින් ප්‍රශස්ත ඵලදායිතාව ලබාගත හැකි පරිදි අවශ්‍ය සේවා සැපයීම් හා කාලානුරූපව පවත්වාගෙන යෑමයි. එම අරමුණ නිවැරදිව ඉටු වන්නේද යන බවට නිරීක්ෂණය කිරීම සඳහා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම හදිසි නිරීක්ෂණයට සහභාගී විය.මෙහි දී එතුමා විසින් සියලූ අංශ නිරීක්ෂණය කළ අතර කෘෂි කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි සිටින නිලධාරීන් හා සාකච්ඡා සිදු කරනු ලැබීීය.

කාබනික පොහොර භාවිතය හා ලැබෙන අස්වැන්න සම්බන්ධයෙන් විමර්ශනය කර අඩුපාඩු මඟහරවා ගනිමින් මහ කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දෙන ලදී.කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයතන 34කට අවස්ථාව ලබා දී ඇති අතර ඒ ඒ ආයතන වල පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය සොයා බැලිය යුතු අතර ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරි ගන්වා එහි නිෂ්පාදනය ඉහළ නැංවීමට ජනාධිපතිතුමා විසින් සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.ගොවීන් දැනුමවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී.පුරන් වූ කුඹුරු අස්වැද්දීමේ අවශ්‍යතාවය හා වී ගොවිතැන වෙනුවෙන් යොදා ගත නොහැකි ඉඩම් වෙනත් බෝග වගාවන්ට යොදාගත යුතු බව මෙහිදී තවදුරටත් පෙන්වා දෙන ලද්දේය.ගොවිජන බැංකු මගින් ලක්ෂ 02 සිට ලක්ෂ 10 දක්වා ණය ලබා දීමට කටයුතු කළ හැකි බවත් වෙනත් පුද්ගලයන්ගේ අධික පොලියට ණය ලබා ගැනීමට තවදුරටත් ගොවීන්ට සිදු නොවනු ඇත මෙමගින් ගොවීන්ට සිදුවුන ගැටලු මඟහරවා ගත හැකි බව නිලධාරීන් පෙන්වා දෙන ලදී.

ඒ අනුව එම බැංකු ශක්තිමත් කිරීමට හා ඉහළ මිලකට ලබා ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබා දුනි.ශ්‍රී ලංකාවේ දහස් ගණනින් ඇති පුරන් කුඹුරු අස්වද්දා මෙරට සෞභාග්‍යයමත් අනාගතයක් වෙනුවෙන් ඉදිරි ගමන් මග නිර්මාණය කිරීම මෙරට රජයේ ප්‍රධාන අරමුණයි.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...