යෝෂිතගේ ඡායාරූපය සහ මාංචු නොදැමීම ගැන පොලීසියෙන් කරුණු පැහැදිලි කිරීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට විලංගු නොදැමීම සහ සමාජ මාධ්‍යවල සංසරණය වන ඔහුගේ ඡායාරූපය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

“26 උදෑසන ඔහුගේ දෙහිවල නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියා. එහිදි තොරතුරු හරහා අපිට ලැබුනේ ඔහු බෙලිඅත්තට ගිහින් ඇති බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්න අපි බෙලිඅත්ත ප්‍රදේශයට ගමන් කළා. ඒ අතරතුර අධිවේගී මාර්ගයේ පිටවීමේ අසන්නයේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔහුව රඳවා ගැනීමක් කරලා මුරපොළ වෙත රැගෙන ගොස් වාඩි කරලා තිබුණා. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එතනට පැමිණ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමක් සිදුකළා.

ඒ කියන ඡායාරූපය අරගත්තේ පොලිස් නිලධාරීන් නෙමෙයි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී සිදු වූ සිදුවීමකුත් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන තුරු ඔහුව බෙලිඅත්ත අධිවේගී මුරපොළෙහි රඳවාගෙන සිටි අවස්ථවේ දී ඔහු ලබාදුන් ඡායාරූපයක්. යම්කිසි මිතුරෙක් හෝ කිසියම් කෙනෙක් ලබාගත් ඡායාරූපයක්.

මාංචු දැමීම කියන එක, අපි අත්අඩංගුවට ගැනීමක් සිදුකරන විට, සියල්ල සිදු කරන්නේ නෛතික පදනමක් මත. පැන යාම හෝ සිරබාරයට ගැනීමට ඔහු විරුද්ධ වෙනවා නම් ඔහුව පාලනය කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් තමයි මාංචු දැමීම. ඔහු අවනත වෙනවා නම් අත්විලංගු දමන්න අවශ්‍ය වන්නේ නෑ. එය තීරණය කරන්නේ ඒ මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරීන්.

අපි අවසාන වශයෙන් ඔහුව අත්අඩංගුවට ගත්තා නියමිත නෛතික පියවර අනුගමනය කලා. අධිකරණයට යොමු කළා. ඒ අනුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළා. සියල්ල අපි නීතියට අනුකූලව ඉෂ්ඨ කළා. කිසිසේත්ම විමර්ශන සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නෑ. විශේෂයෙන්ම අපගේ විෂයභාර අමාත්‍යවරයා හෝ විමර්ෂණ සඳහා මැදිහත්වීමක් කරන්නේ නෑ. පාරිපාලනයට පමණයි මැදිහත්වීමක් කරන්නේ”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...