හිටපු ඇමතිවරුන්ගේ හොරකම් ගැන දන්න අය ගිහින් පැමිණිලි කරන්න – මාලිමා මන්ත්‍රී ජනතාවගෙන් ඉල්ලයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ඇමතිවරුන් කළ සොරකම් සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශවල ජනතාව දන්නා බැවින් ඒවා පිළිබඳ පැමිණිලි ගොනු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර පවසයි.

“මේවා දේශපාලන පළිගැනීම් නෙවෙයි. තව ගොඩාක් කට්ටියට නීතිය ඉදිරියට යන්න වෙයි. ජනාධිපතිවරුන්ගේ පුත්තු විතරක් නෙවෙයි, මේ ප්‍රදේශයේ හිටපු ඇමතිවරු සම්පත්, ඉඩකඩම් අල්ලාගත්තෙ කොහොමද, ඒවා හොරාකෑවෙ කොහොමද, ඒ සියලු කාරණා මේ රටේ ජනතාව දන්නවා. අපි කියන්නේ, කරන්න දැන් ගිහිල්ලා පැමිණිලි. අපි කියනවා, කෙඳිරිගාන්න එපා. මේ ක්‍රියාත්මක වෙන්නෙ රටේ නීතිය”

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 26) පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...