අපි හැමෝම එකට එකතුවෙලා ෆීනික්ස් පක්ෂියා මෙන් ශක්තිමත්ව නැඟී සිටිමු – විපක්ෂ නායක සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බොරු පොරොන්දු දී බලයට පැමිණි පසු ඒ පොරොන්දු ක්‍රියාත්මක නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ හැකියාව ඇති ආණ්ඩු ක්‍රමයක් ගැන සිතිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අද පුරවැසියන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන්ට පහුගිය අවුරුද්දේ වැදුණා. ඒ වැරදීම තුළ ලොකු හිඩැසක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒ හිඩැස පුරවන්න. විශේෂයෙන්ම අපි හිතන්නට ඕනෙ මේ බලයේ ඉන්න කණ්ඩායමට වැඩි දෙයක්. දෙවැනි පොදු මන්ත්‍රී මණ්ඩලයක් පිළිබඳව ලෝකෙත් කතාවෙලා තිබෙනවා, සමහර රටවල්වල ක්‍රියාත්මක කරලාත් තිබෙනවා. ඒ පිළිබඳව සමාජයේ යම් කතාබහකුත් තිබෙනවා. බොරු පොරොන්දු දීලා බලය ගත්තායින් පස්සේ ඒවා ඉෂ්ට නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයින් නැවතත් කැඳවීමේ ආණ්ඩු ක්‍රමයක් ගැනත් අපට හිතන්නට පුළුවන්. රිකෝලින් සිස්ටම් කියලා ඒ සිස්ටම් එක ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. අපි හැමෝම එකට එකතුවෙලා ෆීනික්ස් පක්ෂියා මෙන් ශක්තිමත්ව නැඟී සිටිමු. අපට කණ්ඩායමක් ලෙස නැවත ගොඩනඟාගැනීමට සහ සාර්ථක වීමට හැකි බව අපි විශ්වාස කරනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඊයේ (ජනවාරි 26) කොළඹදී පැවැත්වූ වැඩමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...