අපි හැමෝම එකට එකතුවෙලා ෆීනික්ස් පක්ෂියා මෙන් ශක්තිමත්ව නැඟී සිටිමු – විපක්ෂ නායක සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බොරු පොරොන්දු දී බලයට පැමිණි පසු ඒ පොරොන්දු ක්‍රියාත්මක නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයින් ආපසු කැඳවීමේ හැකියාව ඇති ආණ්ඩු ක්‍රමයක් ගැන සිතිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අද පුරවැසියන්ගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන්ට පහුගිය අවුරුද්දේ වැදුණා. ඒ වැරදීම තුළ ලොකු හිඩැසක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට පුළුවන් ඒ හිඩැස පුරවන්න. විශේෂයෙන්ම අපි හිතන්නට ඕනෙ මේ බලයේ ඉන්න කණ්ඩායමට වැඩි දෙයක්. දෙවැනි පොදු මන්ත්‍රී මණ්ඩලයක් පිළිබඳව ලෝකෙත් කතාවෙලා තිබෙනවා, සමහර රටවල්වල ක්‍රියාත්මක කරලාත් තිබෙනවා. ඒ පිළිබඳව සමාජයේ යම් කතාබහකුත් තිබෙනවා. බොරු පොරොන්දු දීලා බලය ගත්තායින් පස්සේ ඒවා ඉෂ්ට නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයින් නැවතත් කැඳවීමේ ආණ්ඩු ක්‍රමයක් ගැනත් අපට හිතන්නට පුළුවන්. රිකෝලින් සිස්ටම් කියලා ඒ සිස්ටම් එක ලෝකයේ රටවල් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. අපි හැමෝම එකට එකතුවෙලා ෆීනික්ස් පක්ෂියා මෙන් ශක්තිමත්ව නැඟී සිටිමු. අපට කණ්ඩායමක් ලෙස නැවත ගොඩනඟාගැනීමට සහ සාර්ථක වීමට හැකි බව අපි විශ්වාස කරනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඊයේ (ජනවාරි 26) කොළඹදී පැවැත්වූ වැඩමුළුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...