ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට ජනපති අනුරගේ සුබපැතුම් පණිඩිඩය තානාපති මහින්ද බාරදෙයි!

Date:

අශෝක ජයතුංග

ජනවාරි 27 වොෂින්ටන් LNW :

අගමැති හරිනිගෙන් උප ජනපති වෑන්ස්ට හා විදේශ ඇමති විජිත ගෙන් විදේශ ලේකම් රුබියෝ ටත් සුබපැතුම්

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනපති ලෙස පත්වූ ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතාට සුබ පතමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවූ පණිවිඩය වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් පසුගිය 24 දා බාර දෙනු ලැබීය.

තවද ඇමෙරිකාවේ නව උප ජනපති ජේ. ඩී. වෑන්ස් මහතා වෙත අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය එවා තිබූ සුබ පැතුම හා අභිනව ඇමෙරිකානු විදේශ ලේකම් මාර්කෝ රුබියෝ මහතා වෙත  විදේශ ඇමති විජිත හේරත් මහතාගේ සුබ පැතුම පණිවිඩය ද ඒ සමගම බාර දෙනු ලැබිණ.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව බාර නියෝජ්‍ය සහකාර ලේකම් එළිසබෙත් හෝස්ට් හා නි: සහකාර ලේකම් නිකොලි චුලික් මහත්ම මහත්මීන් වෙත රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී අදාළ සුබ පැතුම් බාරදෙනු ලැබිණ. එහිදී දෙරට අතර වසර 76 ක මිත්‍රත්වය හා අන්‍යන්‍ය සහයෝගීතාව හා ඉදිරි සැළසුම් ගැන ද අවධානය යොමු කෙරිණ.

තවද කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් අවට පැතිරුනු ලැව්ගිණි හා ඉන් පීඩාවට පත් වූ හා දේපොළ විනාශවූ අය ගැන ශ්‍රී ලංකාවේ බලවත් කනගාටුව ද තානාපති සමරසිංහ මහතා විසින් එහිදී පළ කළේය. සුනාමි අනතුරෙන් ශ්‍රී ලංකාව පීඩාවට පත් වූ අවස්ථාවේ ඇමෙරිකාව ලබාදුන් සහන හා සෙසු සියලු සහයෝගීතාවන් ගැන තානාපතිවරයා කෘතඥ පූර්වකව සිහිපත් කල අතර ශ්‍රී ලංකා තේ තොගයක් පීඩාවට පත්වු ජනතාවට ලබාදීමේ හැකියාවද සිහිපත් කළේය.

තවද ශ්‍රී ලංකා ජනාධිපති හා විදේශ ඇමතිවරයාගේ අනුදැනුම මත ඇමෙරිකාවේ සිටින ප්‍රධාන බෞද්ධ භික්ෂූන් තානාපති පරිශ්‍රයට වැඩම කොට පීඩාවට පත් ඇමෙරිකානු ජනතාවට සෙත්පතා පිරිස් සජ්ජායනය හා සෙසු ආගමික වතාවත් සිදුකරන පුණ්‍යයෝත්සවය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 24 දා සිදුකරන බව ද තානාපති මහින්ද සමරසිංහ මහතා දැනුම් දුන්නේය.මෙම අවස්ථාවට නි: දූත මණ්ඩල ප්‍රධානී රෝහණ අඔගොල්ල හා කොන්සියුලර් චතුරි පෙරේරා මහත්ම මහත්මීන්ද එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...