ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජන වලට අවනත වෙමින් කොලොම්බියාව පිටුවහල් කරන සංක්‍රමණිකයන් බාර ගැනීමට කැමැත්ත පළකරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන සංක්‍රමණිකයන් භාරගැනීම කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් පිළිගැනීමට කැමැත්ත පළකිරීමත් සමඟ එක්සත් ජනපදය සහ කොලොම්බියාව අතර ඇති වෙමින් තිබූ වෙළඳ යුද්ධයක් වැළකුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද කොලොම්බියානුවන් රැගත් හමුදා ගුවන් යානා දෙකක් ගොඩබෑම ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් තහනම් කිරීමත් සමඟ ඉරිදා මෙම ගැටුම හටගත්තේය.

ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියලුම කොලොම්බියා ආනයනික භාණ්ඩ සඳහා ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි 50%ක තීරුබදු ඉහල නැංවීමත්, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහ ආධාරකරුවන්ට සංචාර තහනමක් සහ වහාම වීසා අවලංගු කිරීම් සහ වීසා සම්බාධක පනවන බවත්, සියලුම කොලොම්බියානු ජාතිකයින් සහ භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ දේශසීමා පරීක්ෂණ වැඩි දියුණු කරන බවත් ට්‍රම්ප් ප්‍රකශ කරන ලදී.

මෙත් සමඟ කොලොම්බියා ජනාධිපතිවරයා ට්‍රම්ප්ගේ තිරිබදු වලට යටත්ව සංක්‍රමණිකයන් පිළිගැනීමට කැමැත්ත පළකර තිබිණි.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ඇස්තමේන්තුගත මිලියන 11-14 ලේඛනගත නොවූ සංක්‍රමණිකයන එරටින් පිටුවහල් කිරීම අපේක්ෂා කරන අතර කොලොම්බියාව, ගෝතමාලාව, මෙම සංක්‍රමණිකයන් පිළිගනිම සහතික කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...