ට්‍රම්ප්ගේ “Board of Peace” සඳහා රුසියාවෙන් බිලියනයක ආයෝජනයක්!

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් නව “Board of Peace” (සාම මණ්ඩලය) සඳහා ඩොලර් බිලියන 1ක දායකත්වයක් ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විචාරකයන් සඳහන් කරන්නේ, මෙය හුදෙක් මුදල් ආයෝජනයක් පමණක් නොව, දශක ගණනාවක් තිස්සේ පැවති බටහිර ආරක්ෂක සන්ධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සම්ප්‍රදායික ආයතන අභිබවා යන නව ලෝක පිළිවෙළක ආරම්භයක් ලෙසයි.
ජනාධිපති පුටින්ගේ ඩොලර් බිලියන 1ක දායකත්වය යුක්රේන යුද්ධය හේතුවෙන් අත්හිටුවා තිබූ රුසියානු වත්කම් (Frozen Assets) භාවිත කිරීමට යෝජනා කිරීම විශේෂත්වයකි. මෙය රුසියාවට එරෙහි සම්බාධක ලිහිල් කරගැනීමට ලැබුණු රන්මය අවස්ථාවක් වන අතරම, නේටෝ (NATO) සංවිධානයේ බලය හීන කිරීමට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් ලෙසද සැලකේ.

ජනධිපති ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම හා ඔහුගේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් යුරෝපා සංගමය සහ කැනඩාව වැනි සම්ප්‍රදායික බටහිර මිතුරන් ඇමරිකාවෙන් තරමක් ඈත් වෙමින් සිටින විට රුසියාව ඉතා උපායමාර්ගිකව එම හිඩැස පුරවමින් සිටී.

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පසු රුසියාව මෙලෙස සෘජුවම ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළට එක්වීම හරහා වොෂින්ටනය සහ මොස්කව් අතර නව “ගනුදෙනුමය” සබඳතාවක් ගොඩනැගෙමින් පවතින බව පෙනේ, ජනාධිපති පුටින්, ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්ත අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙම ගැටළුව රුසියාවේ කනස්සල්ලක් නොවන බවත්, එක්සත් ජනපදය සහ ඩෙන්මාර්කය තමන් අතර ගැටලුව විසඳා ගත යුතු බවත්ය.

කෙසේ නමුත්, මේ වන විට ප්‍රංශය ආරාධනය ප්‍රතික්ෂේප කළ අතර බ්‍රිතාන්‍යය මේ අවස්ථාවේ එයට එක් නොවන බව ප්‍රකාශ කර ඇති අතර චීනය තවමත් මෙම සාම මණ්ඩලයට සම්බන්ධ වන්නේද යන්න තහවුරු කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

සමහරුන්ට ඕනෙ ආණ්ඩුව සහ නීතීඥ ප්‍රජාව අතර ගැටුමක් හදන්න. අපි ඒ ලණු කන්නෙ නෑ. අපි පරිණතයි – ඇමති බිමල්

නීතිපතිවරයාට හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට චෝදනා කිරීමට උත්සාහ...