ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

Date:

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක් 1990 ගිලන් රථ සේවය මගින් රෝහල්ගත කර තිබේ.

ඇය ඇතුළු ගුරු සංවර්ධන නිලධාරීන් 4 දෙනෙකු ඊයේ (26) දිනයේ සිට මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර තිබුණේ වසර 07ක් තිස්සේ පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන්ව වහාම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමිනි.

ඔවුන්ට සහාය පළ කරමින් තවත් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ සත්‍යග්‍රහයක නිරතව සිටින අතර අද (27) පෙරවරුවේ පොලීසිය ඔවුන්ට යම් බලපෑමක් කිරීමට උත්සාහ කිරීමේදී එහි උණුසුම් තත්වයක් ද හටගෙන තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...