බේස්බෝලේ හීතලේ
අද ශ්‍රී ලංකාව තරග බිමට

Date:

ශ්‍රී ලංකාව සහභාගි වන 15 වන බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ තරග අද ආරම්භ වීමට නියමිතය.ආරම්භක තරගයේදී සත්කාරක පකිස්තානය සහ ඇෆගනිස්ථානය හමුවන අතර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 45 වන තැන සිටින ශ්‍රී ලංකාවට 77 වන තැන සිටින නේපාලය හමුවන්නේ ඉන් අනතුරුවය

පකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවත්වෙන මෙවර තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන්නේ 14 වන තරගාවලියේ සූරතාවය රැක ගැනිමේ අපේක්ෂාවෙන්ය.මේ වන විට බටහිර ආසියානු බේස්බෝල් සූරයන්ට සීතල සමඟ විශාල සටනක් දීමට සිඳු වී ඇත.දැඩි ශිතල තත්ත්වයක පවතින ඉස්ලාමාබාද් දේශගුණය සම්බන්ධයෙන් පෙර විපරමක් නොකිරිම නිසා ක්‍රීඩකයන් මුහුණ පා ඇත්තේ දැඩි දුෂ්කර තත්ත්වයට ය.ක්‍රීඩා අමාත්‍යංශය සහ බේස්බෝල් සංගමය ද මේ සම්බන්ධයෙන් පූර්ව හඳුනා ගැනීමක් කර තිබුණේනම් මේ තරගාවලියේ අවසන් පුහුණු සැසි නුවරඑළිය රඳැල්ල වැනි තැනක පවත්වන්නට තිබිණ.නැතිනම් අඩුම තරමේ සතියක කාලයකට පෙර හෝ ඉස්ලාමාබාද් වෙත එවන්නට තිබිණ.නමුත් ක්‍රීඩා අමාත්‍යංශයම නිවේදනයකින් පවසන්නේ ගුවන් ටිකට් පත සඳහා මුදල් ලබා දුන්නේ ජනවාරි 23 වන දා බවය.

කෙසේ හෝ ශ්‍රී ලංකාව වර්ථමානය මුහුණ දෙන තත්ත්වය සළකද්දි මේ හීතල කපාගෙන ක්‍රීඩා කරන්නට බේස්බෝල් කණ්ඩායමට ශක්තිය ලැබෙනු ඇත.මෙවැනි දුෂ්කර තැනකට වැටුණු රටක ක්‍රීඩා කිරිම ම මහා විශ්මයක්ය.ඒ විශ්මය ඉටු කරන ශ්‍රී ලංකාවේ බේස්බෝල් කොල්ලන්ට 15 වන ආසියානු කුසලානය ද 14 වන කුසලානය ලබා ගත් ආකාරයෙන්ම රැකගෙන එන්නට LNW සුබ පතන්නෙමු!

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...