අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් දරුවන්ගේ දිවා ආහාරය ගැන අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 27 කොළඹ (LNW): පාසල් දරුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් දැනට ගෙවන රුපියල් අසූ පහක (85) මුදල රුපියල් එකසිය පහළොව (115) දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බව සඳහන් වේ.

අමාත්‍යාංශය මෙම පියවර ගනිමින් සිටින්නේ දැනට ගෙවන මුදල අනුව තවදුරටත් දිවා ආහාරය සැපයීමට නොහැකි බව සැපයුම්කරුවන් කළ දැනුම් දීම අනුව බව පැවසේ. මෙම මුදල වැඩි කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් ද සහභාගී වූ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එක් ආහාර වේලක් වෙනුවෙන් රුපියල් එකසිය පහළොවක් දීම ප්‍රමාණවත් බව එම සාකච්ඡාවේදී සඳහන් වී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, දැනට වෙළෙඳපොළේ සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් යළිත් සලකා බලා ලබන සතියේදී අවසන් තීරණයක් ගන්නා බවයි.

මෙවැනි තීරණයකට යොමුව ඇත්තේ, මේ වන විට සිසුහු දස ලක්ෂයක් දිවා ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින තත්ත්වයක් තුළයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...