ආවාටය …

Date:

පය පැකිලී වැටුණු භයංකර ආවාටයකි
විස්තරයක් වුවමණා ද?
දැන් මා සිටින ඝනදුර හරියටම දැනගන්න

කඹයක්, හයිය වැලක්, පිදුරු ගසක්වත් නැත
ගොඩ ඒම සිහින සතකත් දිගුවක් වැනි ය
අඳුරු, ජරපත්, විස සහිත පැළෑටි ය
අහරක් ගැන බලාපොරොත්තු රහිත ය
දිය සීරාවක් ඇසෙයි, සැනෙකින් නෑසී යයි
ඒ භ්‍රාන්තියට පත් මගේ මනස විය යුතුය

පොළොවට එතරම් බර නැති පා ශබ්ද ඇසෙයි
ඒවා වියළි සක්මනක ය
අඳුරු වැටුණු පසු ඒවා නිශ්චලව පහර දෙනු ඇත
දැන් කුමක් කළ යුතු දැයි
පෙර පාසලකදීවත් උගන්වා නැත
දැනුම නිශ්පලව ආවාටයෙන් එහා නින්දට වැටීය

බියසුළුව, බලාපොරොත්තු සුන්ව, ගල්ව සිටින’තර
හදිසි ආවේගයක් බඩතුරෙන් කැකෑරී නැඟී ආයෙන්
ආවාටය නියෙන් කණිමින් කුඩා ගුල් සාදමින්
එමතින් සෙන්ටිමීටරයක් ඉහළට නැග්ගෙමි
එපිටින් සිට දුබල වැල් කොණක් හෝ,
පිදුරු ගසක් හෝ හෙළිය යුතු අය
තවත් පස්ම හෙළමින්, ඇස් අන්ධ කරවමින්
ආවාටය ඇතුළට බලය යෙදූයෙන්
අත්හරින්නට, පසුබාන්නට, නිශ්ක්‍රීය වන්නට සිතීමි

මා සිටින ඝනදුරෙන්
දැන් කිසිවකුට කම් නැත
තොරතුරු දන්වා එවීමේ පලක් නැත
කිසි දින-කිසි විට …

~ කාංචනා අමිලානි

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක...

ආරම්භය තීරණාත්මකයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය එක්දින...

ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ...

AI භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවය ඵලදායි...