ආවාටය …

Date:

පය පැකිලී වැටුණු භයංකර ආවාටයකි
විස්තරයක් වුවමණා ද?
දැන් මා සිටින ඝනදුර හරියටම දැනගන්න

කඹයක්, හයිය වැලක්, පිදුරු ගසක්වත් නැත
ගොඩ ඒම සිහින සතකත් දිගුවක් වැනි ය
අඳුරු, ජරපත්, විස සහිත පැළෑටි ය
අහරක් ගැන බලාපොරොත්තු රහිත ය
දිය සීරාවක් ඇසෙයි, සැනෙකින් නෑසී යයි
ඒ භ්‍රාන්තියට පත් මගේ මනස විය යුතුය

පොළොවට එතරම් බර නැති පා ශබ්ද ඇසෙයි
ඒවා වියළි සක්මනක ය
අඳුරු වැටුණු පසු ඒවා නිශ්චලව පහර දෙනු ඇත
දැන් කුමක් කළ යුතු දැයි
පෙර පාසලකදීවත් උගන්වා නැත
දැනුම නිශ්පලව ආවාටයෙන් එහා නින්දට වැටීය

බියසුළුව, බලාපොරොත්තු සුන්ව, ගල්ව සිටින’තර
හදිසි ආවේගයක් බඩතුරෙන් කැකෑරී නැඟී ආයෙන්
ආවාටය නියෙන් කණිමින් කුඩා ගුල් සාදමින්
එමතින් සෙන්ටිමීටරයක් ඉහළට නැග්ගෙමි
එපිටින් සිට දුබල වැල් කොණක් හෝ,
පිදුරු ගසක් හෝ හෙළිය යුතු අය
තවත් පස්ම හෙළමින්, ඇස් අන්ධ කරවමින්
ආවාටය ඇතුළට බලය යෙදූයෙන්
අත්හරින්නට, පසුබාන්නට, නිශ්ක්‍රීය වන්නට සිතීමි

මා සිටින ඝනදුරෙන්
දැන් කිසිවකුට කම් නැත
තොරතුරු දන්වා එවීමේ පලක් නැත
කිසි දින-කිසි විට …

~ කාංචනා අමිලානි

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...