“භාරත් – ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සමුළුව” අද කොළඹදී!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 28 කොළඹ (LNW):

අද (28) කොළඹ පැවැති  “භාරත් – ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සමුළුව” අමතමින්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳව දිගු ඉතිහාසයක් පවතින බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

ඉන්දියානු විශ්වවිද්‍යාල සංගමය (AIU) මගින් සංවිධානය කරන ලද මෙම සමුළුව සඳහා ඉන්දියානු, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රැසක නියෝජිත පිරිස් සහභාගී වී තිබුණි.

මෙම වැඩසටහනේ දී දෙරට අතර උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීමෙහි ලා ගත යුතු ක්‍රියාමාර්ග, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ දෙරටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම ආදි ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු වූ බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතීතයේ සිට ම තම ශාස්ත්‍රිය දැනුම හුවමාරු කරගෙන ඇති බවත්, අතීතයේ නාලන්දාව සහ අනුරාධපුරය අතර තිබූ දැනුම හුවමාරු කිරීමේ ක්‍රමවේද ඊට සාක්ෂ්‍ය දරන බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියාසිටියේ, ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන සහයෝගිතාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් පැවති බවයි.

මෙම සමුළුව එම ඓතිහාසික උරුමය ඉදිරියට ගෙන යන සන්ධිස්ථානයක් වශයෙන් ද ඔහු සඳහන් කළේය.

වැඩ බලන ඉන්දිය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ඡාල් පාන්ඩේ, ඉන්දියානු විශ්වවිද්‍යාල සංගමයේ (AIC) මහලේකම් ආචාර්ය පන්කජ් මිත්තාල්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...