සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාවේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ ආර්යාව වන කිම් කියොන්හට අල්ලස් චෝදනා මත මාස 20ක සිර දඬුවම් නියමකර තිබේ.
52 හැවිරිදි කිම් කියොන්හට අද(28) සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවියේ විනිසුරු වූ ඉන්-සුං විසින් පුද්ගලික වාසි ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට තීන්දු කිරීමෙන් අනතුරුව ඇයට මාස 20ක සිර දඬුවම් නියම කරමින් වොන් බිලියන 2 ක දඩ මුදලක් නියම කරමින්, මිලියන 12.85 ක මුදල් ආපසු ගෙවීමට නියෝග කරමින් ඇය සතු දියමන්ති මාලයක්ද රාජසන්තක කරන ලදී.
නඩුවට පත් කරන ලද විශේෂ උපදේශක කණ්ඩායමක් පැවසුවේ ව්‍යාපාරික සහ දේශපාලන අනුග්‍රහයන් සඳහා 2022 අප්‍රේල් සහ ජූලි අතර කාලය තුළ යුනිෆිකේෂන් ක්‍රච් වෙතින් ග්‍රාෆ් දියමන්ති මාලයක් සහ චැනල් අත්බෑග් කිහිපයක් ඇතුළුව තෑගි කිහිපයක් කිම් කියොන් ලබාගත් බවයි.
කෙසේ නමුත්, හිටපු ජනාධිපති ආර්යාව සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇයගේ ස්වාමි පුරුෂයා වන හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල් 2024 දී ඔහුගේ අසාර්ථක යුද නීති යෝජනාව සම්බන්ධයෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ යුක්තියට බාධා කිරීම සම්බන්ධයෙන් යූන්ට දැනටමත් වසර පහක සිර දඬුවම් විඳින අතර දකුණු කොරියාවේ ඉතිහාසයේ හිටපු ජනාධිපති යුවළක් එකවර වරදකරු වූ පළමු අවස්ථාව මෙය වේ.

