මේ පාපය තවත් ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න – චම්පික (VIDEO)

Date:

”ජනතාවගෙන් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ පාපය ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න” යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ඒ, අද (28) විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් අද වන විට රට බංකොලොත් වී ඇත්තේ 2010න් පසු සිදුකරන ලද ජාතික මංකොල්ලයක ප්‍රතිඵල හැටියට බව රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහා සංවර්ධනයකට මුවාවෙමින් අධිවේගී මාර්ග,විදුලි බලාගාර,ගුවන් තොටුපොළවල් ආදී ව්‍යාපෘති මඟින් දැවැන්ත ලෙස ඩොලර් මංකොල්ලයක් සිදුකර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

”ඒ නිසයි අද ඔබේ දරුවන්ට කිරිපිටි නැත්තේ.රෝහලට ගිහාම ඖෂධ නැත්තේ.සිමෙන්ති ටික නැත්තේ.ගොවියට පොහොර ටික නැත්තේ. ඒ වගේම ජනතාවට සහල් ටික,ආහාර ටික ගෙනත් දීමට නොහැකි ලෙස ඩොලර් නැති වී ඇත්තේ,ලයිට් කැපෙන්නේ,තෙල් නැතිවෙන්නේ,ගෑස් නැතිවෙන්නේ මේ මහා ජාතික ඩොලර් මංකොල්ලය නිසා.මේවා ගැන කතා කරපු වරදට,පෙන්වා දීපූ වරදට අපිව උසාවිටය ගෙනියනවා නම් මේ වගේ අධිකරණයට මේ තැනත් අපි ජනතාවට භාර කරනවා.”

ලෝකයේ විවිධ තැන්වලින් දේපල,ජෙට්යානා මතුවෙන්නේ එදා ජනතාවගෙන් කොල්ල කගන්නා ලද ධනයෙන් බව ද හෙතෙම සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...

රුසියානු සාහිත්‍ය කවයේ 20 වැනි සැමරුම අද කොළඹ රුසියානු මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW:කොළඹ රුසියානු මන්දිරයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවයේ විසි...