මේ පාපය තවත් ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න – චම්පික (VIDEO)

Date:

”ජනතාවගෙන් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ පාපය ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න” යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ඒ, අද (28) විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් අද වන විට රට බංකොලොත් වී ඇත්තේ 2010න් පසු සිදුකරන ලද ජාතික මංකොල්ලයක ප්‍රතිඵල හැටියට බව රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහා සංවර්ධනයකට මුවාවෙමින් අධිවේගී මාර්ග,විදුලි බලාගාර,ගුවන් තොටුපොළවල් ආදී ව්‍යාපෘති මඟින් දැවැන්ත ලෙස ඩොලර් මංකොල්ලයක් සිදුකර ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

”ඒ නිසයි අද ඔබේ දරුවන්ට කිරිපිටි නැත්තේ.රෝහලට ගිහාම ඖෂධ නැත්තේ.සිමෙන්ති ටික නැත්තේ.ගොවියට පොහොර ටික නැත්තේ. ඒ වගේම ජනතාවට සහල් ටික,ආහාර ටික ගෙනත් දීමට නොහැකි ලෙස ඩොලර් නැති වී ඇත්තේ,ලයිට් කැපෙන්නේ,තෙල් නැතිවෙන්නේ,ගෑස් නැතිවෙන්නේ මේ මහා ජාතික ඩොලර් මංකොල්ලය නිසා.මේවා ගැන කතා කරපු වරදට,පෙන්වා දීපූ වරදට අපිව උසාවිටය ගෙනියනවා නම් මේ වගේ අධිකරණයට මේ තැනත් අපි ජනතාවට භාර කරනවා.”

ලෝකයේ විවිධ තැන්වලින් දේපල,ජෙට්යානා මතුවෙන්නේ එදා ජනතාවගෙන් කොල්ල කගන්නා ලද ධනයෙන් බව ද හෙතෙම සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...