බොහෝ රාජපක්ෂවරුන්ට අවම ජාතිකත්ව හැඟීමවත් තිබුණේ නෑ – දිලිත්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): මහින්ද රාජපක්ෂ යනු ත්‍රස්තවාදය, යුද්ධයෙන් අවසන් කළ හැකිය කියන මතවාදය ඇතුළේ අති විශේෂ කාර්යභාරයක් කළ පුද්ගලයෙක් වුවද, ඔහු එම මතවාදය වෙත පෙළඹුණේ ජනප්‍රිය දේශපාලනයේ දිගුවක් ලෙස විනා, සැබෑ ජාතිකත්වය වැළඳ ගත් නිසා නොවන බවත්, මව් බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කර සිටියි.

කොළඹ දී පැවති මව් බිම ජනතා පක්ෂයේ එම පක්ෂයේ ජන හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

” ත්‍රස්තවාදය, යුද්ධයෙන් අවසන් කළ හැකිය කියන මතවාදය ඇතුළේ අති විශේෂ කාර්යභාරයක් කළ පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ. නමුත් ඔහු එම මතවාදය වෙත පෙළඹුණේ ජනප්‍රිය දේශපාලනයේ දිගුවක් ලෙස විනා සැබෑ ජාතිකත්වය වැළඳ ගත් නිසා නොවේ. ඔහුගේ කුරහන් සාටකය නියෝජනය කළේ ජාතිකත්වය වුණත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් කෙනෙක් නොවේ. 

නමුත් සාපේක්ෂව ගත් විට අපේ ජාතිකත්ව කඳවුරවට විශාල සේවයක් කළ පුද්ගලයෙක් ලෙස මහින්ද රාජපක්ෂ ඉතිහාසගත වෙනවා. නමුත් ඔහු යම් සේ මේ ජාතිකත්ව කඳවුරේ ලක්ෂණ වෙනුවෙන් නොදැන හෝ පෙනී සිටියත් අනෙකුත් රාජපක්ෂවරුන්ට ඒ අවම ජාතිකත්ව හැඟීමවත් තිබුණේ නෑ. ඔවුන් ජාතිකත්වය ලාභයට පාවිච්චි කළා. 

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිට ගෙන සිටින්නේ මේ කියන ජාතිකත්ව සහ සභ්‍යත්ව මතවාදයේ ප්‍රති විරුද්ධ පත්තෙයි. මේ රටට අනන්‍ය වූ සභ්‍යත්වයක් තිබෙන අතර එම සභ්‍යත්වය අපගේ ජීවනාලිය බව ඔහු කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අප ඒ වරද නිවැරදි කර ගත යුතුයි.

එනිසා අපට හැකි පමණින් එක අවස්ථාවක අප ගෝඨාභය රාජපක්ෂ ජාතිකත්ව මතවාදයක් ඇතුළතට ගෙනවිත් ඒ ඔස්සේ සන්නද්ධ කිරීමට උත්සාහ කළා. නමුත් අවසානයේ බලයට ආවට පස්සේ ඔහු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙක එකිනෙකට ගැටුණා. විශේෂයෙන්ම විජාතිකයෙකු වන බැසිල් රාජපක්ෂ. ඒ නිසා ජාතිකත්ව කඳවුර තව දුරටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය පක්ෂය ලෙස කිසිසේත්ම සැලකිය යුතු නැහැ ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...