භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදී සැකකරුවෙකු CID අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): මහාධිකරණ නඩු 12 ක් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 7 කට අවශ්‍ය වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවෙකු භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදී CID අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ව්‍යාජ ලෙස රන්භාණ්ඩ යැයි හගවමින් රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස් තබා මුදල් ලබාගනිමින් මහාපරිමාණ අයුරින් මුදල් චංචා කිරීම් සිදුකරන ලද පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි 2024.01.26 වන අද අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, මෙම සැකකරුට එරෙහිව මෙලෙස මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 2003 වර්ෂයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, එම දෙපාර්තමේන්තුව විසින් සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර අධිකරණයේ නඩු 19 ක් පවරා තිබී ඇති බව තොරතුරු වර්තා වේ.

මෙම සැකකරු ජයම්පති අලුවිහාරේ (අවු. 49) ලෙස සිටියදී මෙම චංචා සිදුකර ඇති අතර, එම නඩු සදහා සැකකරු මුලික අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටද ඇත. පසුකාලීනව මොහු අතුරුදහන්ව සිට 2008 වර්ෂයේ පොල්ගහවෙල ප්‍රදේශයේ භාවනා අසපුවක හිමිනමක් ලෙස පෙනී සිටියදී මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරුට එරෙහිව මහාධිකරණ නඩු 12 ක් කොළඹ, අවිස්සාවේල්ල සහ හෝමාගම අධිකරණ වල පවතින අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු 07 ක් කඩුවෙල, හෝමාගම සහ අලුත්කඩේ අධිකරණයන් වල පවතින බවත් අත්අඩංගුවට ගත් සැකකරු ඉහත නඩු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...