*
Thursday, January 30, 2025
spot_img

Latest Posts

සිංදු කියන මාළුවන්ගේ ආර්ථික සමාජයට අලුත් පිහාටු සවි කළ පිහාටුමල් වසන්තය

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 29 ,(LNW)කොළඹ :

නැගෙනහිර පළාත් බැඩිමින්ටන් තරගාවලිය තුළ නැගෙනහිර පළාත් බැඩිමින්ටන් ක්‍රීඩාව විශාල ජයක් ලැබුවේය.විශේෂයෙන් තරගාවලය පැවති මඩකළපුව ප්‍රදේශයේ බැඩිමින්ටන් ක්‍රීඩාවේ නිරත විවිධ භූමිකා නියෝජනය කරන පිරිස් මෙන්ම,එය හරහා බැඩිමින්ටන් ක්‍රීඩාව රස විඳිය හැකි පිරිසක් ද නිර්මාණය විම අගය කළ යුතුය.


පසුගිය වසර කිහිපයේ දි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රාදේශීය වශයෙන් බැඩිමින්ටන් පවත්වාගෙන යාම සඳහා විශාල රුකුලක් ලබා දී ඇත.විනිසුරුවන්,පුහුණුකරුවන් පෝෂණය කිරීමේ වැඩ සටහන් හරහා දක්ෂ ක්‍රීඩකයින් සහ ප්‍රමිතිගත ක්‍රීඩාවක් ගොඩ නැංවීමේ අපේක්ෂාව සාක්ෂාත් කරන මට්ටමට බැඩිමින්ටන් දියුණු කරන අතරේම ජාතික මට්ටමෙ වැඩි දක්ෂයන් පිරිසකට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීම සඳහා ඉඩ හසර ලබා දී ඇත.විරේන් නෙත්තසිංහ ඔලිම්පික් දක්වා ද,මේ වන විට රනිත්මා ලියනගේ වැනි ක්‍රීඩිකාවක් ඔලිම්පික් සුදුසුකම් ලබන මට්ටමට පිවිසෙමින් සිටින අතර ඉතාමත් ලාබාල සිතුමි ද සිල්වා සහ ඉසුරි අත්තනායක වැනි ක්‍රීඩිකාවන් අනාගතය යහපත් බව පෙන්වමින් දෙස් විදෙස් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ඇත.


විශේෂයෙන්ම ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන රොහාන් ද සිල්වාගේ සභාපතිත්වය සහ මඟ පෙන්වීම මත මෙන්ම ආර්ථික සහයෝගය ඉහළින්ම දිනා ගනිමින් ද සිඳුවන මේ ව්‍යහුයමය වෙනස ක්‍රීඩාවේ යටිතල පහසුකම් යම් ප්‍රමාණයකට පුද්ගල ඇසුරේ වර්ධනය වෙමින් සහ බැඩිමින්ටන් ක්‍රීඩාව ඉහළ මට්ටමෙන් දකින්නට ජාතික වශයෙන් ඉදිරියෙන් සිටින නම් දැරූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලංකාවේ සෑම පළාතකම ක්‍රීඩා කරන,ජයග්‍රහණ අත්පත් කරගත හැකි තත්ත්වයට ගෙන ඒමෙන් කර ඇති වැදගත්ම වැඩක් ලෙස හැඳින්විය හැක්කේ ක්‍රීඩාව තුළ මෙන්ම ක්‍රීඩාව නිසා සමාජය තුළ ද ක්‍රීඩාවට ආදරයක් කැමත්තක් ඇතිවන පසුබිමක් නිර්මාණය වීමය.
මේ ඉව ඔස්සේ අප මඩකළපුව වෙබයාර් හී පැවති 2025 නැගෙනහිර පළාත් බැඩිමින්ටන් තරගාවලිය විනිවිද ඒ පරිසරය විමසා බලන්නට විශේෂ අවධානයක් යොමු කළෙමු.එහිදී සමාජයේ බොහෝ දෙනෙක් “මේ දවස්වල අපිට හොඳයි.බැඩිමින්ටන් මෙහෙම තියෙනවනම් මඩකළපුව මිනිස්සු සතුටුයි.“ යනුවෙන් කියනු අසන්නට ලැබිණ.


මේ දත්ත සොයා ගැනීමට මුලින්ම පිහිටට ආවේ පික්මී රියදුරෙක් වන රමායා ය.
“හොඳ හයර් වැදුණා.“ ඔහු කැඩුණු සිංහලෙන් පවසන්නේ අදහස් දෙකක්ය.එකක් හොඳින් හයර් තිබුණු බවත්,තවත් මඩකළපුව අවට සිරි නරඹන්නට පිරිස් ගිය බවත්,මේ වන විට රාත්‍රි මැදියමද ඉක්මවා වෙළදාම් සිඳුවමින් පවතින කාන්තන්කුඩි වැනි ප්‍රදේශ කරා ද ආහාර පරිභෝජනය සඳහා පිරිස් ගිය බවද රමායා හෙළි කරන්නේ සතුටින්ය.


“මට විතරම නෙමෙයි අනිත් ත්‍රීවිල් ඔක්කොටමත් හොඳයි.මෙහෙ රූම් ගන්න නැහැ ස්ර්.හැමතැනම බැඩිමින්ටන් ආපු අය අරං.පිරිලා“
රමායා පවසන ආකාරයට 400 ඉක්මවා සිටි පිරිස මඩකළපුවේ ලැගුම්හල්වල ඉඩ අසුරා ඇත.එසේම ඔහු ත්‍රීවිලය නවතා පෙන්වා සිටින්නේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ය.සිංදු කියන මාළුවන් සිටින මඩකළපුව,කල්ලඩි පාළම අසළම තියෙන මාළුවෙකුගේ හැඩයට නිර්මාණය කර තිබෙන එම දේවස්ථානය ගැන අසා එය නැරඹීමට පැමිණි පිරිස් හවස්වරුවේ කල්ලඩි පාළම අසළ තිබෙන කරන වෙළදාමෙන් පළතුරු ද,සමහර විට එළවළු මාළු වැනි දේ ද රැඟෙන ගොස් තමන් සිටින තැනට අනුව කියා සකසා ගෙන ආහාරයට ගන්නා බව ද රමායා පවසන්නේය.

රමායා


“හුඟක් තැන් හොඳට සළකනවා.බැටිකලෝ මිනිස්සු හොඳට පිට අයට සළකන්න දන්නවා.“ රමායා මා සමඟ වූ ගමන වෙබයාර් ක්‍රීඩාංගණය අසළින් නිමා කරේ ඊට උදාහරණයක් දෙමින් සිය මීටරය අනුව වැටෙන ගණන ද මදක් අඩු කර නියමිත මුදල නොගනිමින් ය.


රමායාගේ කතාව ඊට වඩා සංඛ්‍යා ලේඛණ ඇතුව පැහැදිළි කළේ මඩකළපුව අයිසීබීටී විහ්ව විද්‍යාල ශාඛාවේ මධ්‍යස්ථාන කළමණාකරු ලෙස රාජකාරි කරන ඩෙලුක්ෂාන්ත් වාස් ය.ඔහු වසර ගණනක් කොළඹ ජිවත් වූ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය වැනි තැන් හී ක්‍රීඩාවේ ආභාෂය ද ඇති අයෙකි.ඔවුන් මේ තරගාවලියට යම් අනුග්‍රහයක් දෙමින් සම්බන්ධවීමේ ප්‍රතිලාභ ගැන මෙන්ම මඩකළපු පුරවැසියෙක් ලෙසත්,භාහිර සම්බන්ධතා තිබීම නිසාත් මේ තරගාවලිය ගැන එකතු වූ සබදතා ගැන කතා කළේය.
“ මම දන්න අයත් මේ තරගාවලියට එයාලගෙ දරුවො සමග පවුල් පිටින් ආවා.ඒ සමහර අය අන්තිම මොහොතෙ කතා කළාම මට නගරය පුරාම කාමර හොයන්න වුණා.අඩුම ගණනෙ දෙසීයකට වැඩියෙන් මේ නගරයේ විවිධ මට්ටමේ කාමර කුලියට අරගෙන තිබුණා.“
ඩෙලුක්ෂාන්ත් පෙන්වා දෙන්නේය.

ඩෙලුශාන්ත් වාස්


“මේ නිසාම පොඩි සමීක්ෂණයක් නිවැරදිම ක්‍රමවලට නොවුණත් අපි කරලා බැලුවා.මෙහෙ රෙදි ලාභ තැන් තියෙනවා.සමහර විට කොළඹට වඩා ලාභ තැන් තියෙනවා.ඒ තැන්වල මේ පැමිණි අය ලැබෙන විවේකයෙ ෂොපිං ගිහිං තිබුණා.ෆාමසිවලින් අවශ්‍යය දේවල්,ශක්තිජනක පාන සෑහෙන්න අරගෙන තිබුණා.“
ඩෙලුක්ෂාන්ත් පෙන්වා දෙන හැටියට මේ පිරිස විවිධ ස්ථාන නැරඹීමටද සුළු විවේකය යොදාගෙන ඇත.සමහර අය පොතුවිල් දෙසට වන්නට ඇති විශාල තොග භාණ්ඩ වෙළදසැල්වලට ද ගොඩ වී ඇත.රමායා පැවසූ අයුරෙන්ම කාන්තන්කුඩි රාත්‍රී සංස්කෘතියද අත්විද ඇත.
“මේ තියෙන පොඩි කඩ හොඳ ආදායමක් ලබනවා මේ දවස් ටිකේ.මේවා ගෙවල් ඇතුළෙ ඉතාම සුළුවට කරන බිස්නස්.ඒවා බැඩිමින්ටන් තරගාවලිය නිසා මෙතැන ඉඩක් අරගෙන කරගෙන යන්න අවසරය ලබාගෙන තියෙනවා.“


විවිධ නිර්මාණ,වයින් වර්ග,කුළුබඩු වර්ග ආදිය විකිණෙන තාවකාලික කුඩාරම්වල සිඳුවන ව්‍යාපාර කිහිපයක්ම වෙබයාර් ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදරිපිට තිබිණ.ඒ සමහර දේවල් ඒ දින කිහිපය තුළම රස විඳින්නට ලැබුණු අය කුරියර් මඟින් ඒවා ගෙන්වා ගැනීමටත් කතා කර තිබුණු අතර සමහර යෝජනා ඇවිත් තිබුණේ ඒවා තොග වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව ගැනය.


ඩෙලුක්ෂාන්ත් එම විග්‍රහය ඇතුළේම තම ආයතනය මෙහි අනුග්‍රහයට දායකවීමෙන් බලාපොරොත්තු වන වයස් කාණ්ඩයේ අධ්‍යාපනයේ නියැලෙන මඩකළපුවේ පිරිසට පමණක් සීමා නොවුණු ප්‍රචාරයක් ඉලක්කගත ප්‍රජාව වෙත යොමු කරන්නට ලැබුණු බව ද පෙන්වා දුන්නේය.ඒ තරගාවලිය මඩකළපුවට පමණක් සීමා නොවුණු ශ්‍රී ලංකාවේ දස අතින් මඩකළපුවට පිරිස් කැඳ වූ තරගාවලියක් වූ නිසාවෙනි.මෙහිදී පැවති ප්‍රවීන කාණ්ඩයේ තරග සම්බන්ධයෙන් තමන් ඇතුළු දන්නා බොහෝ දෙනෙක් නිලූක කරුණාරත්නගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියත් ඔහු අසනීප තත්ත්වයක් නිසා සහභාගි නොවන බව දැන ගත් බව පැවසූ ඩෙලුක්ෂාන් මෙවැනි තරගාවල හරහා ප්‍රවීනයන්ට අවස්ථාවක් ලැබීම වැදගත් වන්නේ නිලූක වැනි ඔලිම්පික් මට්ටමෙන් දස්කම් දැක් වූ අයව රටේ සෑම තැනකදීම දැක ගන්නට ඇති ඉඩ නිසා ද පැවසීය.

වෙබර් පිටිය අසළ සුළු ව්‍යාපාර


මේ තරගාවලිය තනිකරම පාහේ සංවිධානයේ බර උරමත තබා දිවූ චරිතය වූයේ නැගෙනහිර පළාත් බැඩිමින්ටන් සංගමයේ ලේකම් වූ අලියාර් ෆයිසර් ය.ඔහු පෙන්වා දුන්නෙ බැඩිමින්ටන් ක්‍රීඩාව පැත්තෙන් ගත් විට රොහාන් ද සිල්වා සභාපතිවරයාගේ දැක්ම නිසා ප්‍රාදේශීය වශයෙන් බැඩිමින්ටන් ක්‍රීඩාවට විශාල සේවයක් සිඳු වී ඇති බවය.

විනිශ්චයට මඩකළපුව දායකත්වය


“අපේ ක්‍රීඩකයො වෙනදට වඩා දස්කම් දැක් වූවා.ඒ වගෙම ජාතික මට්ටමේ ක්‍රීඩකයො එක්ක සෙල්ලම් කරලා එක්ස්පිරියන්ස් ගත්තා.ඒ සෙල්ලම් කරලා බලාගෙන ඉදලා ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා.“
ෆයිසර් පැහැදිළි කරන්නේය. එසේම ඔහු පෙන්වා දෙන්නේ අන්තිම අවුරුදු කිහිපයේ ඇති වූ වෙනස නිසා බැඩිමින්ටන්වලට යොමුවන පිරිස වැඩි වී ඇති බවය.

අලියාර් ෆයිසර්


“විශේෂයෙන් රොහාන් ස්ර්ගෙ දැක්ම නිසා වගේම වැඩ සටහන් බෙදා දුන්නු වයිස් ප්‍රසිඩන්ට්ලාගේ උනන්දුව නිසා හැම පැත්තෙන්ම සංවර්ධනයක් වෙලා තියෙනවා.අපේ ටූනමණ්ට් එකේ දී ලයින්ස්මන්ලා හිටියෙ අපේම අය.ඒ වගෙම ජාතික මට්ටමේ වෙනත් තරග විනිශ්චය කරන්නත් අපිට 10 වැඩිය සුදුසු පිරිසක් ඉන්නවා.මේ තත්ත්වය මඩකළපුවට ආඩම්බර වෙන්න පුළුවන් වැඩක්.“

ජාතික මට්ටමේ ඇගයීම් සහ නිරීක්ෂණ


ෆයිසර් අදහස් දක්වමින් පැවසීය.එසේම මේ වන විට බැඩිමින්ටන් ගැන විශ්වාසය තබා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අලුතින් එකතුවන බවත්,මේ තරගාවලිය නිසා එය තවත් දියුණු වෙනු ඇති බවත් ඔහු පවසන්නේය.ඒ නිසා බැඩ්මින්ටන් උපකරණ අලෙවිය මේ වන විටත් හොඳ මට්ටමක හොඳ බඩු සමඟ පවතින බවත්,ඉදිරියේදී ඒ තත්ත්වය ද දියුණු විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.


තව දුරටත් ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට තෙවරක් මේ ආකාරයට මේ තරගාවලිය පවත්වා ඇති බවය.මෙවරත් සමඟ දෙවරක් මඩකළපුවේ සංවිධානය වූ බවත්,එක් වරක් ත්‍රීකුණාමයේ සංවිධානය වූ බවත් පවසන ෆයිසර් එලැඹෙන වසරේ තරගාවලිය අම්පාරට රැඟෙන යාමට සූදානමින් සිටින බවත් පැවසීය.


ෆයිසර් සමඟ සංවිධාන කටයුතුවල සමීපයෙන්ම සිටියේ තරගාවලි නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්ටැන්ලි ප්‍රසාන්ත් පැවසුවේ මෙහිදී වෙබර් ක්‍රීඩා සිකීරණය රජයට පවරා දීමට කටයුුතු කිරීම ගැන ශාන්ත මයිකල් විද්‍යාලයට ගෞරවය හිමි විය යුතු බවය.වෙබර් පියතුමා,පැසිපන්දු ක්‍රීඩාවෙන් මඩකළපුව ලංකාවෙන්ම ඉහළට ඔසවා තැබූ හෙබායා පියතුමා මෙන්ම ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදි කිරීමට මැදිහත් වූ බෙනාල් පියතුමා වැනි ඇමෙරිකන් පූජකවරු මේ ප්‍රදේශයට කළ සේවාව ද මේ මොහොතේ සිහිපත් කළ යුතු බව කියද්දී ඊට තවත් වැඩිහිටි පරම්පරාවේ අය ද එකතුව එම අදහස පැවසිය යුතුම එකක් බව අනුමත කළේය.


“මේ තරගාවලියට 482 ක් ආවා.ප්ලේයර්ස්ලා එක්ක ආපු අයත් එකතු වුණාම සමහර විට 1000 ට කිට්ටු ගණනක් ඉන්න පුළුවන්.සමහර ප්‍රවීන අය තව දවස් කිහිපයක් මෙහෙ පවුල් සමඟ ඉන්නත් ඉඩ තියෙනවා.මේ ගැන මටයි ෆයිසර්ටයි පෞද්ගලිකන කතා කරලා සමහර හෝටල් ස්තූති කළා.අපේ හෝටල් බැඩිමින්ටන්වලින් පිරිලා කියලා.“

ස්ටැන්ලි ප්‍රසාන්ත්


මේ තත්ත්වය වෙළද ප්‍රජාවගේ වුව වැඩි අවධානයක් අනුග්‍රහයක් ඉදිරි තරග සඳහා ලබා ගැනිමට හේතුවක් විය හැකි බැවින් මෙම තරගාවලිය මඩකළපුව බැඩිමින්ටන් ක්‍රීඩාවට අලුත් ගැම්මක් ඇති කරන එකක් වනු ඇති බව පෙන්වා දුන්නේය.


එසේම මඩකළපුව නගර සභාවේ කොමසාරිස්වරයා සජීවීව මෙම වැඩ සටහන සමඟ සම්බන්ධ වී දුන් දායකත්වයද ස්ටැන්ලි අගය කළේය.ස්ටැන්ලිලා සමඟ වැඩ කරන අත්දැකීම් සපිරි පරම්පරාව පෙන්වා දුන් මේ කරුණ ද අතිශයන් වැදගත්ය.

නායකත්වය සහ ක්‍රීඩකත්වය
“මේ හෝල් එක ලංකාවෙ වෙන පළාත්වලට වැඩිය ලාභයි.ඒත් දැන් සමාජය විෂමයි.වැරදි දේවල්වලට ළමයින්ගෙ කාලය යනවා වැඩි.ඒකට විසඳුමක් හැටියට පාසල්වලට මේ හෝල් එක ලබා ගැනීම,ක්‍රීඩාංගණය ලබා ගැනීම තවත් පහසු කළොත් ඒ වැරදිවලට යොමුවන ළමයි ක්‍රීඩාවට ඇඳගන්න පුළුවන් වෙයි.“


කෙසේ නමුත් මේ තරගාවලිය නිරීක්ෂණයේ දී අපට දැණුන වැදගත්ම කාරණයක් වූයේ ක්‍රීඩා ආර්ථිකය ගැන හිතන ආණ්ඩුවකට තව දුරටත් මැදිහත්ව මෙවැනි ක්‍රීඩා පරිපාලකයන් සමඟ එක්ව ක්‍රීඩාව ඉදරියට ගෙන යාමට වැඩ සටහනක් ඇති වීම වැදගත් වනු ඇති බවය.බැඩිමින්ටන් ක්‍රීඩාව එහි පිමි ගණනාවක් පැන සෑම අතින්ම ක්‍රීඩාවේ සකලවිධ අංශ සංවර්ධනය කර තිබියදී ඔවුන් රටට විශාල සමාජ ආර්ථික වටිනාකමක් ගෙන දෙන ජාත්‍යන්තර තරගාවලි දෙකක් සංවිධානය කර තිබියදී,ආණ්ඩුව පැත්තෙන් අඩුම තරමේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය ලබා දීමේදී හෝ සහනයක් දිය හැකිනම් එය වටින්නේය.

තමන්ගේ සුළු ව්‍යපාර සමග වෙබර් පිටිය අසළ රැඳුණු කිහිප දෙනෙක්.
වැඩ කරන මිනිස්සුන්ව පතුලටම සූරා කෑමක් නොකර වැඩ කරන්නට දිරි දෙන විදිහට සහන සැළසීම මෙවැනි රජයක හැඩය විය යුතුය.වැඩ කරන්නට පොළඹවන ආකාරයට ඉඩ සැකසෙන්නේනම් තවත් ක්‍රීඩාවන්ට නොමිළේම නොවුණත් ලැබෙන සහන මත තමන්ගේ ක්‍රීඩාවට පවතින තත්ත්වයට වඩා ඉහළ ජාත්‍යන්තර හැඩයක් දීමට පෙරට පැමිණෙනු සැක නැත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan