*
Thursday, January 30, 2025
spot_img

Latest Posts

2025 වසරේ ආර්ථික වර්ධන අපේක්ෂාව. අයවැයෙන් ඉතිහාසගත ප්‍රාග්ධන වියදමකුත් සූදානම්!

කොළඹ LNW:මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි.

“ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි.

එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවයි.

එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද ජනාධිපතිවරයා පවසන ලදී.

”මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙස අපි සලකනවා. එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය මෑතකාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇතියි. පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු වුණේ නැහැ. 75%ක් – 80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා. ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ අපි පසුගියදා දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා. සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බව එහිදී අනාවරණ වුණා. එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වෙනවා.

පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් තිබෙනවා. ඒ සඳහා දින 269ක කාලයක් ගත වෙනවා. ප්‍රායෝගිකව ගතහොත් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එය දින 82කට අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගත වී තිබෙනවා. එය දින 102ක් වැනි කාලයකට අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා. ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලය දින 80කට ආසන්න කාලයක් ගන්නවා. එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය. ඒ වගේම සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට කැඳවා ගැනීමට අපේක්ෂා කරනවා.

විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගත හැකියි. මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජුලි මාසය වන විට නැගෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකියි. අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.

මේ වන විටත් අපි සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම වරායේ දීර්ඝ කාලයක් සිර වී තිබු සැපයුම් මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ගණනාවක් සිර වී තිබෙනවා. අපි එම ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය අවසරය සහ බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා. එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා. ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවයකින් වැඩ කර නැහැ. එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කර තිබෙනවා. නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan