තවත් නඩුවක් කල් යයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් මැයි මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (29) නියම කළේය. එම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණි .

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය අභියෝගයට ලක් කරමින් තම සේවාදායකයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන බව පැවසීය. ඒ අනුව මෙම නඩුව කැඳවීම සඳහා දීර්ඝ දිනයක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණු බව සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා මෙම නඩුව යළිත් මැයි මස 28 වනදා කැඳවීමට නියෝග කළ බව වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...