අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7ක හිඟයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

පිළිකා රෝගවලට ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 7 ක් හිඟ බව අද (29) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී, රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා ප්‍රකාශ කළේ, බොන බෙහෙත් වර්ග දෙකක් සහ එන්නත් වර්ග පහක් හිඟ බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ, ඖෂධ ලියාපදිංචිය, සැපයුම් සහ ආනයන ක්‍රියාවලියේ ගැටළු කිහිපයක් මෙම හිඟයට බලපා ඇති බවයි.

ඔහු කියාසිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කඩිනමින් අදාළ ඖෂධ සපයාගැනීමට කටයුතු කරමින් සිටින බවයි,

විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ , ඖෂධ 28ක් සහ එන්නත් 33ක් ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...