බැඳුම්කර වංචාව ගැන නඩුව ඉක්මණින් අවසන් වෙනවා නම් අපිට ඉදිරි පියවර ගත හැකියි – මහ බැංකු අධිපති

Date:

කොළඹ LNW:බැඳුම්කර වංචාවට අදාළ අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ විට ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස ඉදිරි ක්‍රියාමාර්ග ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම නඩු කටයුත්ත හැකි ඉක්මණින් අවසන් වන්නේ නම් හොඳ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

මේ අතර ඒ සම්බන්ධ අභ්‍යන්තර විනය පරීක්ෂණයේ ඇතැම් ඒවා අවසන් අතර තවත් කිහිපයක් සිදුවෙමින් පවතින බවයි නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ.

එයද අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ නිසා ඉක්මණින් අවසන් කිරීමේ හැකියාවක් නොතිබුණු බව ඔහු පවසයි.

මෙම බැඳුම්කර වංචාව 2015 වසරේ සිදුව තිබුණු අතර ඉන් රජයට රුපියල් බිලියන 10කට අධික අලාභයක් සිදුව තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ආණ්ඩුව ඉදිරියට යන්නෙ රිවර්ස් එකේ !

උපාලි කොළඹගේ කොළඹ LNW:6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සිටි අධ්‍යාපන...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...