එක්සත් ජනපද කම්කරුවන් ස්වේච්ඡාවෙන් ඉවත් වන්නේ නම් ඉදිරි මාස අටක වැටුපක් ලබා දෙන බවට ට්‍රම්ප් නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජය ප්‍රතිසංස්කරණය කිරීමේ පියවරක් වශයෙන් ස්වේච්ඡාවෙන් ඉවත් වීමට තීරණය කරන ෆෙඩරල් කම්කරුවන්ට ඉදිරි මාස අටක වැටුප් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පුද්ගල කළමනාකරණ කාර්යාලය (OPM) විසින් අද(29)දිනයේදී මේ බව නිවේදනය කර තිබු අතර ඔවුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මිලියන සංඛ්‍යාත සේවකයින් වෙත යවන ලද විද්‍යුත් තැපෑල පවසන්නේ ස්වේච්ඡාවෙන් තම තනතුරු හැර යන අයට මාස අටක පමණ වැටුපක් ලැබෙනු ඇති නමුත් ඔවුන් එය පෙබරවාරි 6 වන විට තෝරා ගත යුතු බවයි.

එක්සත් ජනපද ෆෙඩරල් ආන්ඩුව නොවැම්බර් වන විට මිලියන තුනකට වඩා වැඩි පිරිසක් සේවයේ යොදවා ඇති අතර, Pew පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව ඔවුන් ජාතියේ සමස්ත සිවිල් ශ්‍රම බලකායෙන් සියයට 1.9කට ආසන්න වන අතර ඔවුන්ගේ සේවා කාලය වසර 12කි.

මෙම නව නිවේදනය මඟින් සේවකයන් 5%-10 % දක්වා පිරිසක් ඉල්ලා අස්වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ට්‍රම්ප් පරිපාලනය මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, සියලුම ෆෙඩරල් සේවකයින් සුදුසුකම් සහ හැසිරීම් පිළිබඳ වැඩි දියුණු කළ ප්‍රමිතීන්ට යටත් කටයුතු කිරීමට සුදානම් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...

ශිරන්තිගේ සහෝදරයා රිමාන්ඩ් !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...

ලොව විශාලතම ආර්ථිකයන් අතර වෙළඳ යුද්ධය අවසන්ද?

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය සමඟ...