ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

Date:

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ආරංචිමාර්ග සඳහන් කළේ, අදාළ තනතුරේ කටයුතු කිරීමේදී අවශ්‍ය සහයෝගය නොලැබීමෙන් උද්ගතවූ ගැටලු හේතුවෙන් ඇය මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි.

ජාතික කාන්තා කොමිසම පිහිටුවනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරදී වන අතර රමණී ජයසුන්දර මහත්මිය එහි පළමු සභාපතිනිය වශයෙන් පත් කෙරිණි. කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 07 දෙනෙකි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් බලගැන්වීම සඳහා මෙම කොමිසම පිහිටුවනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...