සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්ථානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැඩි අක්ෂි හානියකට මුහුණ දී සිටින බව ඔහුගේ පවුලේ පිරිස හා පාකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ නීතිඥයින් සහ පක්ෂ නායකයින්ට අනුව, හිටපු අගමැතිගේ දකුණු ඇසේ දෘෂ්ටි විතානයේ නහරයේ භයානක අවහිරතාවයක් ඇති බවට හඳුනාගෙන ඇති අතර එය මධ්‍යම දෘෂ්ටි විතානයේ නහර අවහිරයක් ලෙස හැඳින්වේ. මේ සමබන්ධයෙන් ප්‍රතිකාර නොකළහොත් ඇස් පෙනීමට ස්ථිර හානියක් විය හැකිය.

ඛාන්ට සතියකට දෙවරක් පවුලේ අය සහ නීතිඥයින් හමුවීමට අවසර දිය යුතු බවට අධිකරණ නියෝගයකින් සඳහන් වනමුත්, ඔහු අවසන් වරට දින 100 කට පෙර ඔහුගේ නීතිඥයින් හමුවූ අතර බන්ධනාගාරයේදී ඔහුව හමුවීමට ඔහුගේ පක්ෂ නායකයින් විසින් ඉදිරිපත් කරන ලද නීතිමය පෙත්සමක් මෙම සතියේ ප්‍රතික්ෂේප කරන ලදී.

පාකිස්ථානයේ ඉහළම දේශපාලන සිරකරුවෙකු ලෙස සැලකෙන 73 හැවිරිදි ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට රාජ්‍ය තෑගි විකිණීම සම්බන්ධයෙන් ඛාන්ට මුලින්ම වසර තුනක සිර දඬුවමක් නියම වූ අතර, 2025 ජනවාරි මාසයේදී දූෂණ චෝදනා මත තවත් වසර 14 ක සිර දඬුවමක් නියමව පකිස්තානයේ ආඩියාලා බන්ධනාගාරයේ හුදකලා සිර කුටියක සිරගත කර ඇත.

2018 සහ 2022 අතර ඛාන් අගමැති ලෙස සේවය කළ ඉම්රාන් ඛාන් 2022 වසරේදී විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහ කරන ලදී. හෙතෙම 2023 අගෝස්තු මාසයේදී ඔහු දේශපාලනයෙන් නුසුදුස්සෙකු කිරීම සඳහා හමුදාව සහ රජය විසින් නිර්මාණය කරන ලදැයි ඔහු කියා සිටි චෝදනා 100 කට වඩා මත අත්අඩංගුවට ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...