රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW :
මෙරට සිනමා ක්ෂේත්‍රයට අතිශයින්ම ජනප්‍රිය සිනමා නිර්මාණ රැසක් දායාද කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සේන සමරසිංහ මහතා ජීවන ගමනට සමුදී ඇත.
ඒ මහතා 1970, 80 දශකයන්හි මෙරට සිනමා ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අතර පසුගිය දා මඳක් අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් සිනමාවෙන් ඈත්ව විවේක සුවයෙන් පසු විය.
1937 නොවැම්බර් මස 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ උපත ලබූ සේන සමරසිංහ මහතා ,මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවිය.
එදා මෙදා තුර ඔහු විසින් දේශීය සිනමා ඉතිහාසයට දායාද කළ නිර්මාණ පෙළහර අපට කිසිදා අමතක කළ නොහැකිය. නවමු තේමාවන් යටතේ නවමු නළු නිළියන් සිනමාවට හඳුන්වා දෙමින් ඔහු කළ සිනමා නිර්මාණ මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ අති මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වූයේය. එම චිත්‍රපටයන්හි අන්තර්ගත වූ ගීත අදටත් ගීත ලෝලීන් අතර නොමඳ ආකර්ෂණය දිනාගත්තේය.

සේන සමරසිංහ නම් වූ ඔහු මෙරට සිනමා ඉතිහාසයේ 70-80 දශකයන්හි ජනප්‍රිය සිනමාවේ කිරුළ දැරූ අධ්‍යක්ෂවරයකු ලෙසින් චකිතයකින් තොරව අපට හඳුන්වා දිය හැකිය.
පිට පිටම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට හැදූ ඔහු බොහෝ විට සිනමා පටයේ නිෂ්පාදකයා මෙන්ම අධ්‍යක්ෂවරයාද වූයේය. එසේම ඇතැම් චිත්‍රපටයන්හි තිර රචකයා මෙන්ම ගීත රචකයා වූයේ ද ඔහුය.
සදහටම ඔබ මගේ, කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමුවෙන්නයි වැනි චිත්‍රපට සිංහල සිනමාවට දායාද කළ ඔහු විසින් මෙරට සිනමා වංශ කතාව උදෙසා පිරිනමන ලද මහඟු දායකත්වය අගයනු වස් මෙසේ ජීවිතයට එක් වරක් පමණක් පිරිනමනු ලබන රණ තිසර සම්මානයෙන් පුදනු ලැබීය.
සේන සමරසිංහ මෙරට සිනමාවට පැමිණෙන්නේ නිකම්ම නිකං අධ්‍යක්ෂවරයකු ලෙසින් පමණක් නොවේ. ඔහු ඒ වන විටත් ව්‍යාපාර කිහිපයක් හිමි රඹුක්කන ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
සේන සමරසිංහගේ පියා මාතර ප්‍රදේශයේ සිට පැමිණ රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් හා විවාහ වී එහි පදිංචි වූවෙකි. ඔහුගේ ජීවන ව්‍යාපාරය වූයේ තෙල් මෝලක් පවත්වාගෙන යෑමය මේ පවුලේ වැඩිමල් දරුවා වූයේ සේන සමරසිංහය. ඔහුට බාල නැගණියන් දෙදෙනකු සහ මල්ළිලා දෙදෙනෙකුද විය තාත්තා ව්‍යාපාර කටයුතුවල නියුතු වූවෙක් නිසා ඔවුනට කිසිදු අඩුපාඩුවක් අග හිඟයක් නොවීය.

පවුලේ වැඩිමලාවූ සේන සමරසිංහ මූලික අධ්‍යාපනය ලබන්නට ඔහුගේ අක්කා කෙනෙකු ගිය පාසල වූ මහනුවර මහමායාවට ඇතුළත් කරනු ලැබීය. පෙරපාසල් අධ්‍යාපනයෙන් පසු ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරන ලදී. ඉන්පසුව ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය සේන සමරසිංහ ගැටවර වියේ සිටියදී ඔවුනගේ මව මිය පරලොව ගිය අතර ඉන්පසු පියාගේ රැකවරණය යටතේ ඔවුන් හැදී වැඩී ඇත.
සේන සමරසිංහ සිනමා ලොවට ප්‍රවිෂ්ට වනුයේ ව්‍යාපාරයෙකු වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්තාට පසුවය. ඔහුගේ පියා ජීවතුන් අතර සිටියදී පවා මේ පවුලේ අය සිනමාවට වඩා ලැදිකමක් දැක්වූයේය. රඹුක්කන මා ඔය ආශ්‍රිතව එකළ බොහෝ චිත්‍රපටයන්හි රූ ගැන්වීම් සිදු කෙරුණ අතර සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිස් එකල සේන සමරසිංහයන්ගේ නිවසට පැමිණියේය. ප්‍රවීණ රූපණවේදී ගාමිණී ෆොන්සේකා සේන සමරසිංහයන්ගේ ගජ මිතුරෙකු වන්නේ ද එසේය.
1971 වර්ෂයේදී සේන සමරසිංහලගේ ව්‍යාපාරයන්ට විවිධ බලපෑම් එල්ල වූ වසරක් විය. මේ නිසාම ඔහු ටික දිනකට ව්‍යාපාර වසා දමා වත්තල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට විත් දිවි ගෙව්වේය. මේ නිවස පිහිටියේ හැඳල විජය චිත්‍රාගාරය අසලය. සේන විජය චිත්‍රාගාරයට ගොස් චිත්‍රපට රූ ගැන්වීම් දෙස නිතර බලා සිටියේය.
" දවසක් මිල්ටන් ජයවර්ධන මට උත්සවයකදී හමුවෙනවා. ඔහු මට යෝජනාවක් කරනවා සේන අයියේ අපි චිත්‍රපටයක් කරමුද කියලා. මගේ හිතෙත් මේ අරමුණ තිබුණ නිසා හා කියලා අපි චිත්‍රපටයක් පටන් ගන්නවා. ඒක තමයි මගේ පළවෙනි චිත්‍රපට නිෂ්පාදනය 1973 තිරගත වුණු ‘සදහටම ඔබ මගේ‘ චිත්‍රපටය” ඔහු විටෙක මාධ්‍යට කීවේය.

සේන මුලින්ම සිනමාවට පිවිසෙනුයේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙනි. එහෙත් ඉන් අනතුරුව ඔහු කළ නිෂ්පාදන අධ්‍යක්ෂණය කළේද ඔහු විසින්මය.
සේන සමරසිංහගේ මේ චිත්‍රපට මෙරට සිනමා ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැලඳ ගන්නට විශේෂ හේතුවක් වූයේ ඒවායේ අඩංගු වූ ආකර්ෂණීය ගීතයන්ය. ‘බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ, හද විමන් දොරින්, කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා, නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ…. (චංචල රේඛා ගීත) වැනි ගීත එදා පමණක් නොව මේ වන විටද ජනප්‍රියත්වයෙන් අඩුවක් නැත.
එසේම ඔහුගේ කතා වස්තූන්වල වූ ග්‍රාමීය අව්‍යාජත්වය ද එවකට බොහෝ සිනමා ප්‍රේක්ෂකයින්ගේ සිත් ගත්තේය. මේ යුගය වන විට දෙමළ සහ හින්දි චිත්‍රපට කතා අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපට කතා අතර සේනගේ මේ කතා කැපී පෙනෙන්නට වූයේය. සිංහල සිනමාවේ කතා සංකල්පයන් දේශීය මුහුණුවරකට හැරවීමේ ප්‍රයත්නයේ සිටි කේ.ඒ ඩබ්ලිව් පෙරේරා, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, සිරි කුලරත්න, නීල් රූපසිංහ, එච්.ඩී ප්‍රේමරත්න වැන්නන් අතර සේන සමරසිංහ ද ඉදිරියෙන්ම සිටිති.
එක්තරා කාලවකවානුවකදී සේන සමරසිංහ ශ්‍රී ලංකා පකිස්ථාන හවුල් චිත්‍රපට නිෂ්පාදනයට ද එක්වන්නේය. එවකට පකිස්ථානයේ සිටි ඔහුගේ මිතුරෙකුගේ මාර්ගයෙන් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපට ඒ යුගයේ මෙරටට බොහෝ විදේශ විනිමය රැගෙන ඒමට සමත් විය. පකිස්තාන් නළු නිළියන් සමඟ ලාංකීය නළු නිළියන් එක්කොට නිපැයූ එම චිත්‍රපට ද මෙරට බොහෝ ප්‍රචලිත විය. සදාකල් රැඳේවා, අයිය නගෝ, ඔක්කොම කපටියෝ, සිංහ පැටව්, දෝංකාරය, සෙබළියෝ වැනි චිත්‍රපට ඒ අතර විය.
මෙලෙස අප දේශය තුල කලාව පෝෂණය කරන්නට අප්‍රමාණ සේවයක් කළසේන සමරසිංහ මහතානෙනි ඔබට සුබ ගමන්!…………..


