සටහන – පුලී
ජනවාරි 29, කොළඹ (LNW): ලෝකයම රැප් ගායනයෙන් හොල්ලන නිකී මිනාජ් ඉකුත් බදාදා ඇය එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “අංක එකේ රසිකාවක්” බව ප්‍රකාශ කළ අතර, අයදුම්කරුවන්ට පදිංචිය සහ එක්සත් ජනපද පුරවැසිභාවය සඳහා මාර්ගයක් ලබා දෙන ඇගේ ට්‍රම්ප් “Gold Card” වීසා බලපත්‍රය ද පෙන්වූයේ සතුටින් ඉපිළ යමිනි.
ළමුන් සඳහා භාර අරමුදල් සපයන ඊනියා “ට්‍රම්ප් ගිණුම්” සඳහා ඇයගේ සහයෝගය ප්‍රකාශ කිරීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපතිවරයා වොෂින්ටන් ඩීසී හි වේදිකාවට නිකී මිනාජ් කැඳවීය.
මීට පෙර ට්‍රම්ප්ගේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්ති විවේචනය කළ නිකී, කුඩා කාලයේ දී තම දෙමාපියන් සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර, මෑත වසරවලදී ඔහුගේ නායකත්වයට ප්‍රශංසා කරමින් වේදිකාගත වීම කාගේත් කතාබහට නතු වූ කරුණකි.
“මම බොහෝ විට ජනාධිපතිවරයාගේ අංක එකේ රසිකයෙක් කියලා මම කියන්නම්, ඒක වෙනස් වෙන්නේ නැහැ,” වේදිකාවේ ට්‍රම්ප් සමඟ අත් පටලා ගනිමින් නිකී හඬ නඟා කීය.

