කොන්දේසි තුනක් යටතේ රංජන් රාමනායක පෙබරවාරි 4 නිදහස් !

Date:

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතාව එළඹෙන පෙබවාරි 04 වනදා ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා කමල් අද්දරආරච්චි ප්‍රමුඛ නළු නිළියන් රැසක් එක්ව විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබුණු අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු වන, කෝටිපති ව්‍යාපාරික නිශ්ශංක සේනාධිපති මහතා ද එක්ව සිටියේය.

අප වෙත වාර්තා වන අන්දමට රංජන් රාමනායක මහතාට නිදහස් වීමට ලැබෙන්නේ කොන්දේසි තුනක් යටතේ ය.

ඉන් පළමුවැන්න වන්නේ හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු අසුන භාරගැනීම යි. ජනාධිපතිවරයා විසින් රංජන් රාමනායක මහතාව නිදහස් කරන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු පැමිණීම සඳහා තමන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සිය අසුන පරිත්‍යාග කරන බවට මීට පෙර අවස්ථා ගණනකදී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබිණි. ඔහු ආණ්ඩුවට අභි‍යෝගයක් වශයෙන් ද එය ඉදිරිපත් කළේය. ඒ අනුව ජනාධිපති සමාවක් මත රංජන් නිදහස් වන්නේ නම් හරීන් ප්‍රනාන්දු මහතාට අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වීමට සිදුවේ. එහිදී එම ආසනය ප්‍රතික්ෂේප නොකර, එය ලබාගැනීම පළමු කොන්දේසිය වී තිබේ.

හරීන් ප්‍රනාන්දු යන මේ වනවිට පාර්ලිමේන්තුව තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබලතම හඬ නඟන මන්ත්‍රීවරයා ය. ඔහුගේ අනාවරණයන් ආණ්ඩුවට හිසරදයක් වී ඇත්තේ සෑහෙන කලක සිට ය. ඒ අනුව රංජන් නිදහස් කිරීම හරහා ම හරීන්ව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගැනීම ආණ්ඩුවේ පැත්තෙන් විශාල ජයග්‍රහණයකි. මන්දයත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු සභාගර්භය තුළ කියන කතා හරීන්ටත් එළියේ සිට කියන්නට බැරි නීතිමය තත්වයන් ද පවතින නිසාය.

දෙවැනි කොන්දේසිය වන්නේ රංජන්, හරීන්ගේ මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තු පැමිණියත් හරීන් කරගෙන ගිය වැඩකොටස කරන්නට නොයෑම ය. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩුවට එරෙහිව දැවැන්ත අභියෝග එල්ල කරමින් හරීන් කරගෙන ගිය ක්‍රියාදාමය රංජන් විසින් ඉදිරියට ගෙන නොයෑම ය. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ එල්ල වුණු ප්‍රබල අභියෝගය ආදේශකයක් ද නොමැතිව සහමුලින්ම තුරන් වේ.

තුන්වැනි කොන්දේසිය වන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව දැනටත් විභාග වන දෙවැනි නඩුවේදී අධිකරණයෙන් සමාව ගැනීම ය. ඇත්තෙන්ම පළමු නඩුවෙන් වැරදිකරු බවට පත්වී රංජන් හිරගෙදරට ගියේ “මේ ඇස්වල බයක් ගෑවිලාවත් තියෙනවාද මල්ලි ?” යැයි අසමින් වීරයෙකු මෙනි. ඔහු සිරගත වූ ආකාරය අනුව ඔහුට දැවැන්ත වීරත්වයක් ආරෝපණය වී තිබිණි. දෙවැනි නඩුවේදී අධිකරණයෙන් සමාව ගැනීම තුළ මේ වීරත්වය සහමුලින්ම බිඳවැටේ. එයින් පසු ඉතිරි වන්නේ නිකම්ම නිකම් පා. ම. රංජන් රාමනායක කෙනෙකි.

මේ අනුව බලන කල රංජන් නිදහස් කිරීම හරහා ආණ්ඩුව එක ගලෙන් කුරුල්ලන් තිදෙනෙකුම බාගැනීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...