ජනපතිගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට විමල්ගෙන් දැඩි ප්‍රහාරයක්. තවදුරටත් කරගෙන යෑම ලැජ්ජාවට කරුණක් ලු !

Date:

කාබනික පොහොර පමණක් භාවිතා කරන වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය වහාම ඉවත්විය යුතු බවත් ඒ ඔස්සේ දැනටමත් සිදුකර ඇති වරද වහාම නිවැරදි කරගත යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තරයේ අවධාරණය කරයි.

“මේ රටේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කරන එක කළයුතු නෑ. මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණොත් ආහාර සුරක්ෂිතතාවය බිඳවැටෙන්නෙ. පොහොරවල හරි, මොන්වාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර හොයන්න ඕනෙ කෘෂිකර්මාන්තය කඩා බිඳවැටෙන ආකාරයට නෙවෙයි. මම හිතනවා දැන්වත් අපි අපට වෙච්ච අඩුපාඩුව හඳුනාගෙන, නිවැරදි වියයුතුයි.

ඉන්දියාවේ මෝඩි අගමැතිතුමාට ගෙනාපු පනත් දෙකක් ගොවියන්ගෙ විරෝධතා නිසා අන්තිමට හකුළාගන්න එතුමාට සිද්ධ වුණා. ඒක අභිමානයට කැළලක් නෙවෙයි. ඉතින් මෙතනදීත් මං හිතනවා අපේ වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටීමට තුඩුදුන් හේතු වහාම නිවැරදි කරන්න ඕනා. ඒ වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න ලැජ්ජා වෙන්න ඕනෙ නෑ. ලැජ්ජා වෙන්න ඕනෙ ඒ වැරද්ද තවදුරටත් නිවැරදියි කියලා හිතාගෙන තවදුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කරන එකටයි”

ප්‍රශ්නය – රුපියල් 25ක් ගෙවන්නම් කියලානෙ දැන් කියන්නෙ වී කිලෝ එකකට හානි වෙච්ච එකට ?

“පොහොර සහනාධාරයට යනවට වඩා වැඩි මුදලක් දැන් ගොවියන්ට වන්දි හැටියට ගෙවන්න වෙනවා. එතනම පේනවානෙ කරගත්තු වැරැද්දේ තරම. ඒක නෙවෙයි කරන්න ඕනෙ. ගොවියාගෙ ජීවිතේ එක්ක, කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට. මුළුමහත් මිනිස්සුන්ගෙ බඩගින්නත් එක්කයි මේක ගැටගැහිලා තියෙන්නෙ, ආහාර සුරක්ෂිතතාවය එක්ක. ඒක වහාම නිවැරදි වෙන්න ඕනෙ. එහෙම නොවුණොත් මේ රටේ මහා විශාල ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ රජය කාබනික පොහොර ප්‍රතිපත්තියෙන් පසුබහින්න ඕනෙ කියලාද කියන්නෙ ඇමතිතුමා ?

“කාබනික පොහොර ප්‍රවර්ධනය කළාට ප්‍රශ්නයක් නෑ, ගොවියාව ගොවිතැනින් පළවාහරින්න ඉඩදෙන්න බෑ”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සෘජුවම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරෙන්නක් වන අතර විමල් වීරවංශ මෙහිදී සෘජුවම සහ ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයාට අභියෝග කර ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...