*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සතොසේ රට හාල් රු. 2කින් බස්සයි

සතොස අලෙවි සැල් තුළ අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් අද (29) සිට රුපියල් 128කට අලෙවි වන බවයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද සහල් තොග මිල ගැන සොයා බැලීම සඳහා පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීය.

එමෙන්ම සතොස හරහා නාඩු සහල් ද කිලෝවක් රු.105ට අලෙවි කරන අතර සම්බා කිලෝ 10ක් අද සිට පාරිභෝගිකයා වෙත නිකුත් කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර පිටකොටුව සහල් ව්‍යාපාරික ප්‍රජාවට අයත් ආනයනික සහල් විශාල ප්‍රමාණයක් වරායේ සිර වී තිබෙන හෙයින් එම සහල්ද වෙළෙඳපොළට නිකුත් වුවහොත් තවදුරටත් මිල අඩු කිරීමට හැකි වනු ඇති බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan