සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 06ක් අත්අඩංගුවට! සිසුවියකට නවක වධය දීලා,

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් මෙම මස 14 වන දින පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සමනලවැව පොලිස් ස්ථානය විමර්ශනයක් සිදුකර නවක වදය ලබාදීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා භාෂා අධ්‍යයන පීඨයේ හතරවන වසරේ සිසුන් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුන් හය දෙනා පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු ඊයේ ( 28) අත්අඩංගුවට ගත් බව, පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23,24,හා 25 වන වයස්වල අය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...