*
Monday, May 20, 2024
spot_img

Latest Posts

2018 වසරේ ගොනු කළ පෙත්සමක් විභාගය සඳහා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ට නොතීසි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): 2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන් බව වාර්තා වේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුලු පිරිසකට නොතිසි නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.

පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලු එස් තුරෙයි රාජා / කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇති බ්ව සඅහන් වේ.

පෙත්සම සැප්තැම්බර් 23 වනදා විභාගයට ගැනීමට ද අධිකරණය තීන්දු කළ බව වාර්තා වේ.

පෙත්සම්කරු කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් වික්‍රමසිංහ මහතා සතුව තිබිය දී ඔහු ඉවත්කොට මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නීතියට පටහැනි බවයි.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව ද ඉන් පෙන්වා දේ.

මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම තුළින් මෛත්‍රීපාල සිරිසේන මහතා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan