ටිරාන් අලස් සැකකරුවකු ලෙස නම්කෙරේ. විදෙස් ගමන් තහනමකුත් පනවයි !

Date:

පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලබාගෙන රුපියල් මිලියන 290ක මුදලක් නොගෙවා පැහැර හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිලෝන් නිව්ස් පේපර්ස් සමාගමේ සභාපති, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සැකකරුවකු වශයෙන් නම්කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, එම නඩුව ඊයේ (ජනවාරි 29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ටිරාන් අලස් මහතා අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම ලබන මාර්තු මාසයේදී කැඳවීමට නියමිතව ඇති අතර එතෙක් ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකි බව අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එතෙක් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ටිරාන් අලස් මහතා අසනීප බව පවසමින් නොපැමිණි බවත් දැනුම් දුන්නේය.

එම නිලධාරීන් කළ ඉල්ලීමක් අනුව ටිරාන් අලස් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...